අභිනවයෙන් ඉදිකළ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා පළමුවරට එම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම ලබන 06 වැනිදා සිදු කෙරේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණයෙන් පසුව උදෑසන 10.00 එම දුම්රිය බෙලිඅත්ත සිට මාතර දක්වා ධාවනය කිරිම ඇරැඹේ.
මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සිදු වන්නේ අදියර තුනකින් සිදු වන අතර , එහි පළමු අදියර ලෙස කිලෝමීටර් 26ක දුරින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය මෙලෙස ඉදි කර තිබේ.
එහි දෙවැනි අදියර ලෙස කිලෝමීටර් 48ක දුරකින් යුත් බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වාද, තෙවැනි අදියර කිලෝමීටර් 39ක දුරකින් යුත් හම්බන්තොට සිට කතරගමද දක්වා ද දුම්රිය මාර්ගය ඉදි කෙරේ.
මෙයින් පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මඟ ඉදිකිරිමට ඇස්තමේන්තු ගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලයන 278.2 කි. චීන එක්සිම් බැංකුව මේ සඳහා මුල්‍යමය දායකත්වය සපයන අතර , මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ ප්‍රධාන උපදේශනය යටතේ එහි අධීක්ෂණ කටයුතු සිදු කෙරේ.
ඉදිකිරිම් කටයුතු භාර ප්‍රධාන කොන්ත්‍රාත්කරු වනුයේ චයිනා මැෂිනරි ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කෝර්පරේටිව් සමාගම වන අතර ,උප කොන්ත්‍රාත්කරු ලෙස චයිනා රේල්වේ සර්විසස් කටයුතු කරයි.
කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල, බෙලිඅත්ත යන ස්ථානයන් මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන හතරක් වන අතර පිලදූව, වෙහෙරහේන යන ස්ථානවල උප දුම්රිය ස්ථාන 02ක් ස්ථාපිත කර ඇත.
උප දුම්රිය ස්ථාන 02 හැර අනෙකුත් සියලුම දුම්රිය ස්ථාන දුම්රිය වේදිකා 03කින් සමන්විතය. මෙයින් ප්‍රධාන දුම්රිය ස්ථානය වූ බෙලිඅත්ත දුම්රිය ස්ථානය මීටර් 110ක දිගින් යුතු දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලකින්ද, මීටර් 250 - 300 පමණ දගිකින් යුතු වේදිකා 03කින්ද සමන්විත වේ.
දුම්රිය ස්ථානයේ වේදිකා හරහා මගීන්ට මාරුවීමට මගී ගුවන් පාලම් වෙනුවට මගී උමං මාර්ග ඉදිකිරිමද විශේෂත්වයකි. බෙලිඅත්ත මෙන්ම සෙසු දුම්රිය ස්ථානවලද මගී ගුවන් පාලම් වෙනුවට දක්නට ලැබෙන්නේ මගී උමං මාර්ගයි.
ලංකාවේ දිගම දුම්රිය උමඟද පිහිටා ඇත්තේ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ වේ.
නාකුට්ටිගම ප්‍රදේශයේ සිට කැකණදුර දුම්රියපල ආසන්නය දක්වා පිහිටි එම උමඟෙහි දිග ප්‍රමාණය මීටර් 615කි. මීට පෙර දිගම දුම්රිය උමඟ වූයේ සිංගිමලේ උමඟය. එය මීටර් 559 ක දිගකින් යුතුවේ. එමෙන්ම මීටර් 268
දිගින් යුතු බඹරැන්ද දුම්රිය උමඟද මාතර බෙලිඅත්ත මාර්ගයේ වේ.
මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ 10% පමණ දිවෙන්නේ ගුවන් පාලම් මතිනි. එහි මාතර කැකණදුර දක්වා කොටසේ එක් ගුවන් පාලමක්ද, බඹරැන්ද සිට වැව්රුකන්නල දක්වා කොටසේ කිලෝමීටර් 1.5ක දිගින් යුතු ගුවන් පාලමක්ද වේ.
එයින් බඹරැන්ද සිට වැවුරුකන්නල දක්වා වූ ගුවන් පාලම ලංකාවේ උසම හා දිගම දුම්රිය ගුවන් පාලමයි.
මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය වැටී ඇත්තේ නිල්වලා ගඟ හරහාය. මෙම දුම්රිය මාර්ගයේ හරස් මාර්ග 18ක් ,පාලම් 12ක්ද, බෝක්කු 49ක්ද, උඩබිම් මාර්ග 23ක්ද, යටබිම් මාර්ග 16ක් හා උඩ බිම් මාර්ග 08ක් ඉදි වි ඇත.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවන සහ තුන්වන අදියර සඳහා අපි වෙනුවෙන් වැටක් ඉදිකරන මෙන් අපේ නම භාවිතා කරන රජයෙන් ඉල්ලා සිටිමු. අපේ නම අත්නොහරින ලෙසද ඉල්ලා සිටිමු.
1970 ත් 1977 අතර කාලයේ වසා දැමූ කැළණිවැලි දුම්රිය මාර්ගය නැවත ඉදිකරනවානම් ඉතාම හොඳා. මේ මාර්ගයත් කතරගමටම හැදුවොත් රටට මෙතරම් වාහන ගේන්නත් ඉන්ධන වලට විශාල මුදලක් වැය කරන්නත් වෙන්නේ නැහැ. මෙම මාර්ගය වසන කාලයේ රත්නපුර දිස්ත්‍රික්කයේ සිටි මන්ත්රීලාගෙන් හතරෙන් එකක්ම දිස්ත්‍රික්කයට ආනයනය කල අයයි. ඉතින් ඔවුන් කල වැරැද්ද දැන්වත් නිවැරදි කිරීම සුදුසුයි.
දකුණේ රේල් පාර දීර්ඝ කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව යෝජනා කරලා තිබුණේ 1920ගණන් වලදී. ඒවායේ පිඹුරුපත් 1977දීත් හම්බන්තොට මැනුම් කාර්යාලයේ තිබුණා. එ්ත් මේ මාර්ගය දීර්ඝ කිරීමෙන් ආර්ථික වශයෙන් ලාභයක් බලාපොරොත්තු වෙන්න බැරි නිසා අතහැර දැමූ බවයි කියන්නේ. මේක තවත් පාඩු පිට පාඩු ලබන සුදු අලියෙක් වෙන්න පුළුවනි!
ඇති යාන්තන්... අවුරුදු කීයක් ඔය වැඩේට තැටමුවද? යාන්තන් බිත්තරේ දැම්මා...
කොච්චර පරවල් අලුතින් හැදුවත්, දුම්රිය අලුතින් ගෙනාවත් දුම්රිය දෙපාර්තුමේන්තුව ඒවා නිසි ලෙස නඩත්තු නොකරන්නේ නම් පලක් නැත. දැනටද තියෙන දුම්රිය මග නවතිනවා. තව පාරවල් හැදුවයි කියල මාර්ග තදබදය අඩු වෙන්නේ නැහැ. මගීන්ට ප්‍රමාණවත්, නිසි සේවාවක් ලබා දීම සදහා මෙම දෙපාර්තමේතුව සහ සේවකයින් යාවත්කාලින කල යුතුමය.
උප දුම්රිය ස්ථාන 02 හැර අනෙකුත් සියලුම දුම්රිය ස්ථාන දුම්රිය වේදිකා 03කින් සමන්විතය. දුම්රිය ස්ථානයේ වේදිකා හරහා මගීන්ට මාරුවීමට මගී ගුවන් පාලම් වෙනුවට මගී උමං මාර්ග ඉදිකිරිමද විශේෂත්වයකි. බෙලිඅත්ත මෙන්ම සෙසු දුම්රිය ස්ථානවලද මගී ගුවන් පාලම් වෙනුවට දක්නට ලැබෙන්නේ මගී උමං මාර්ගයි. මීටර් 250 - 300 පමණ දිගකින් යුතු වේදිකා 03කින්ද සමන්විත වේ. මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මඟ ඉදිකිරිමට ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලයන 278.2 කි. ඔන්න කිලෝමීටර් 26කට වියදම් කරලා තියෙන හැටි...
දුම්රිය බෙලිඅත්තට ගියේ කොහොමද? එහෙන් පටන් ගන්න කව්ද කරේ තියාගෙන ගියේ දුම්රිය..
රාමා මල්ලි උඹගේ මොලේ මසුරන්... කාටවත් තේරුනේ නැහැ.. පළමු දුම්රිය බෙලිඅත්තෙන් පටන් ගන්න නම් කොහොමද අරන් ගියේ...?
අලුත් මාර්ගයටවත් දුම්රිය හරස් මාර්ග නොයොදා විකල්ප ක්‍රම සොයා බැලුවේ නැද්ද? හරස් මාර්ග අනතුරු ඇතිකරයි...