බ්‍රිතාන්‍ය කන්සර්වටිව් පක්ෂ නායකත්ව සටනට තමන් ඉදිරිපත් නොවන බව බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ(23) නිවේදනය කළේය.
මෙම අවස්ථාවේ තමන් කන්සර්වටිව් පක්ෂ නායකත්ව සටනට ඉදිරිපත්වීම සුදුසු නොවන බවත් කන්සර්වටිව් පක්ෂය එක්සත් කිරීමේ බලාපොරොත්තුවෙන් පක්ෂ නායකත්ව සටනට තමන් ඉදිරිපත් නොවන බවත් හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මෙම අවස්ථාවේ බ්‍රිතාන්‍යයට අවශ්‍ය මහ මැතිවරණයක් නොව තම රටවැසියන් මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීම බව ජොන්සන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
2024 වසරේ තමන් කන්සර්වටිව් පක්ෂය මැතිවරණ ජයග්‍රහණයක් කරා රැගෙන යාමට සුදානම් බවත් තමන්ට මේ අවස්ථාවේද ටෝරි මන්ත්‍රීවරු 102 කගේ සහයෝගය තිබෙන බවත් ජොන්සන් පෙන්වා දුන්නේය.
පෙනී මොර්ඩන්ට් සහ රිෂී සුනාක් සමග ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් එකගතාවයකට පැමිණීමට ඊයේ(23) පැය 3 ක සාකච්ඡාවක් පැවැත්වූවත් එය අසාර්ථක වූ බවත් ඒ හේතුවෙන් තමන් පත්වන නව නායකයාට සහයෝගය ලබා දෙන බවත් ජොන්සන් සඳහන් කළේය.
පෙනී මෝර්ඩන්ට් හට ටෝරි මන්ත්‍රීවරු 100 දෙනෙකුගේ සහයෝගය නොමැති බැවින් රිෂී සුනාක් අද(24) නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කළහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බොරිස් ජොන්සන් සටනින් ඉවත් වෙයි
ganegoda Monday, 24 October 2022 10:29 AM
කොරනා පාටි දාලා මාට්ටුවෙලා වලි දාගෙන ගුලිත් කාලා තමයි එලියට විසික් උනේ !
tikiraMonday, 24 October 2022 02:44 PM
නන්දසේන මාමගේ නඩයෙක් වෙන්න ඇති...
Rohana Monday, 24 October 2022 12:08 PM
බොරිස් ජොන්සන්ට පක්ෂ නායකත්වය අහිමිවුනේ කොරෝනා කාලයේ සිය කාර්යාලයේ හිතවතුන් සදහා පාටි දැමීමත් මිතුරෙකුට ඉහල තනතුරක් දීමේ වැරදි නිසයි. මේව ලංකාවට නම් වැරදිකිවොත් හිනායනවත් ඇති. පක්ෂයේ විනය තරාතිරම් භේදයක් නැතිව සැමට සමානයි. මේක වැරැද්දක් නිසා අගමැති කමත් අහිමිවීම ඒ රටේ හැටියි. ලංකාවෙනම් මේව වැරදි නොවෙයි. අගමැතිකමේ හෙල්ලීමක් වත් නැතිව ඉන්න පුළුවන්. රටවල් දෙකේ වෙනස එහෙමයි.
AsankaMonday, 24 October 2022 03:07 PM
ඔව්, ඒ වුණාට ලංකාවේ දේශප්‍රේමීන් උඩදාගෙන සුද්දට බනින්නේ ඔවුන් මේක කොල්ලකෑව නිසාලු... අද දුප්පත් වෙලා තියෙන්නේ... බොරු නම් විමල්ගෙන් අහන්න.