( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වෙඩි තබා ගෝනකු මරා සුඛෝපභෝගී රියකින් රැගෙන යමින් සිටියදී අද (09) බදුරලියේදී අත්අඩංගුවට ගත් බේරුවල පත්තේකඩේ මැණික් ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවසේ තිබී ප්‍රභූ ආරක්ෂක ගිනි අවි තුනක් ඇතුළු උණ්ඩ තොගයක් සොයාගත් බව පොලීසිය පවසයි.
ගිනි අවි 13 ක් උණ්ඩ 1500 ක ප්‍රමාණයක් මෙහිදී අත්අඩංගුවට ගත් බව මතුගම කොට්ඨාස නීතීය බල ගැන්වීමේ ඒකකය කියයි.
මේ අතර ගිනි අවි කොටස් රැසක් , දුනු විදින තුවක්කුවක් , ඉලක්කයට වෙඩි තැබීමේ උපකරණ, මන්නා පිහි 3 ක් , හොරොයින් මත් කුඩු සහ ලේසර් යන්ත්‍රයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මැණික් ව්‍යාපාරිකයා සමඟ තවත් පුද්ගලයකුද අත්අඩංගුවට ගෙන තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට උපරිම දඬුවම් දෙන්න
මේ අහුවෙච්ච එක්කෙනෙක්, මේ වගේ අය තව කොච්චර ඇත්ද? ගිනි අවි 13 ක් උණ්ඩ 1500ක් කියන්නේ මේවගේ දහදෙනෙක් හිටියා නම් ඇති කොළඹ වගේ නගරයක ලොකු විනාශයක් කරන්න. බුද්ධි අංශ මේවා නොදැන ඉන්න විදිහක් නෑ. අනිවාර්යෙන්ම ලොකු දේශපාලන හයියකින් තමයි ඉන්න ඇත්තේ...
අත්අඩංගුවට ගත්ත මිලියන 2777 කුඩු කාගේද, මේවත් කියන්න...
මේ පුද්ගලයා විකුණලා තියෙන්නේ මැණික් කියලද හිතන්නේ?
මේ වගේ අයට කිසිම නිදහසක් නොදිය යුතුයි. මේ ගොල්ලන් හිතාගෙන ඉන්නේ නීතිය තිබෙන්නේ ඒ ගොල්ලන්ගේ අතේ කියලයි.
ආයුධ ගබඩාවක් නේද තිබිලා තියෙන්නේ? ප්‍රභූ ආරක්ෂක ආයුධ? අඩුම ගානේ පොලිස් ස්ථානයක්ද? මොහුගේ තව නිවෙස් තියනවාද? ඒවායේ ආයුධ? මෙහෙම තව කොපමණ මේ රටේ ආයුධ ඇතිද? මේ රටේ අපරාධ වැඩිවෙන එක අහන්න දෙයක්ද? ඇප දෙන්න බැහැ නේද?
හොඳට හොයලා බලන්න.. නැවත කලබලයක් ආවොත් සිංහල මිනිසුන්ට විරුද්ධව පාවිච්චි කරන්නට රැස් කර ගත්ත ආයුධද දන්නේ නෑ...
ප්‍රභූ ආරක්ෂක ගිනි අවි කොහොමද මෙතනට ආවේ? ආපු එක ගැන පරීක්ෂණ කළයුතුයි.
ඉතිරි හංගපු ආයුධ පෙන්නලා අරන් යන්න.
කොහොමද රටේ තත්වය ? තියෙන තැන ? අහිංසක මිනිසුන්ට දෙයියන්ගේම පිහිටයි