(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව අබේරත්න මාවතේ රතනාරාම පාරේ නිවසක් තුළ මත් සාදයක් පැවැත් වූ තරුණ තරුණියන් 9 දෙනෙකු අද (13) අත්අඩංගුවට ගත්බව බොරලැස්ගමුව පොලීසිය කියයි.
මොවුන් සමග කෘෂ් නැමැති මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 45, අයිස් බවට සැකකරන හඳුනානොගත් මත්ද්‍රව්‍ය, මත්පෙති, දුම්වැටි හා මත්ද්‍රව්‍ය සඳහා යොදාගන්නා සුදු යකඩයෙන් තැනූ උපකරණ තුනක්ද පොලිස් භාරයට ගත්බව පොලිසිය පවසයි.
ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට මෙම නිවසින් ඝෝෂාකාරී සංගීතයක් නොනවත්වා ඇසෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව බොරලැස්ගමුව පොලිසිය මෙම වැටලීම සිදුකර තිබේ.
එම නිවස තුළ සමාජශාලාවල රාත්‍රියට දිස්වන අයුරින් අඩඅඳුරු ආලෝකයක් තිබූ අතර එයටම ආවේණික වූ සංගීත නාදයක්ද තිබූ බව පොලිසිය පවසයි. තරුණයන් 6දෙනෙකු සහ තරුණියන් 3දෙනෙකු නිවසේ සාලයේ සහ නානකාමරයට යාබද කාමරයේ සිටි අතර කෘෂ් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය තිබූ බවද පවසයි.
සාදය සඳහා එක් තරුණයකුගේ නිවසක් මෙලෙස යොදාගෙන ඇති අතර ඔවුන්ගේ දෙමව්පියන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් අනාවරණය වී තිබේ.
මෙම පිරිස දෙහිවල, තලංගම, කටුනායක, මොරටුව හා අනුරාධපුරයේ පදිංචි අවුරුදු 22ත් 25ත් අතර තරුණ තරුණියෝය. මොවුන් සියලු දෙනා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්... ඔය වගේ වැඩකරලා දැන් ලකුණු ගන්න. රට වටේට බෝම්බ පුපුරපු කට්ටිය දැන් අල්ලලා ඉවරද?
අතීතයේ තරුණයින් විනෝදවීම සඳහා රා, තෙලිජ්ජ වැනි දේ භාවිතා කළාක් මෙන්..., අද තරුණයින් භාවිතා කරන්නේ වර්තමානයේ විනෝදාස්වාදය සඳහා තිබෙන මත්ද්‍රව්‍යයයි. එවැනි මත්ද්‍රව්‍ය භාවිතය නීති විරෝධී නම් කළයුත්තේ ඒවා රටට ගෙන්වන කුඩු මුදලාලිලා ඇල්වීමයි. අද පොලිසිය කරන්නේ හාල්මැස්සන් ඇලවීම පමණයි.
පෙනෙන හැටියට මේ උපකරණ "ඊ සිගරට්" නැමති සාමාන්‍ය සිගරට් වෙනුවට භාවිත කල හැකි ආදේශක උපකරණ. මේ සදහා දුම්කොල වෙනුවට තෙල් වැනි ද්‍රාවනයක් යොදා ගන්නවා. එය ශරීරයට අගුණ නැති බවයි පවසන්නේ. මේවා බැට්රියෙන් ක්‍රියාකරන උපකරන. සමහර විට ලංකාවෙ උදවිය මත්ද්‍රව්‍ය ඒ ද්‍රාවනයට මිශ්‍ර කර පාවිච්චි කරනවාද දන්නෙ නැහැ. ඒ උනත් අර කියපු මත් ද්‍රව්‍ය නිසා මොවුන්ට දඩුවම් ලැබිය හැකියි.
සිසිර, නිකන් කඩේ යන්නේ නැතිව ඉන්න. ඔයානේ පුහු මෝඩ කතා කියන්නේ. බෝම්බ පුපුරන කොට ඔයා කොහෙද හිටියේ? බෝම්බ පුපුරපු ඔක්කොම කට්ටිය දැන් අල්ලලා ඉවරද? ලංකාව තව ලොකු ලොකු නීති කඩන වැඩ කොච්චර වෙනවද? ඒවා නේද ඉස්සෙල්ල අල්ලන ඕනේ? ඕකට ඔයේ තරුණ ලමයි අල්ලලා වැඩක් නැ. ඕව ලංකාවට කන්ටෙනර් ගණන් ගේන අයව නේද අල්ලන් ඕනේ. ඒවා දැන් ඔක්කොම අල්ලා ඉවරද? ඔය මෝඩ වැඩ
සිසිර, ඔයා නියම කුඩු සහ කුඩු ගහන අය දැකල නැත්නම් යන්න ලංකාවේ තියෙන රාත්‍රී සමාජශාලාවකට හරි මුහුදු වෙරළට. එතකොට ඔයාට දැක ගතිහැකි නියම තත්වේය. ඒවා නීති විරෝදී වැඩ නෙවෙයිද එතකොට? ඒ කට්ටියව දවස් කියක් අල්ල තියෙනවද? ඒවාට බඩු ගෙන කට්ටිය එතකොට?
මතකද, පහුගිය ආණ්ඩුව කාලේ මේ රටේ සමගියෙන් හිටිය ජාතිය භේද භින්න කළා. ලංකාවේ විවිධ ප්‍රදේශවල ජීවත්වෙන ජනතාව පරිභවයට ලක්කරමින් පිටරට වෙසෙන ජනතාව ඉලක්ක කරගනිමින් ඔවුන්ට අපහාස කළා. එදා මේකේ රඟපාපු අයගේ නම් ටික දැන් කෝ? ආයෙත් එවුන්ට එන්න කියාපියව්. අැයි ඔවුන්ගේ අතපය කොරවෙලාද? අපි මේකේ තාමත් ඉන්නවා. කලින් ගහපු ගේම ආයෙත් පටන් ගන්න, අපි සුදානම් පිළිතුරු දෙන්න.
මේ ළමයි මත්ද්‍රව්‍ය වලට නිරාවරණය කලේ කවුද? රටේ හැමතැනම මත් කුඩු විකුණන පිරිස් ඉන්දැද්දී ඔවුන්ට නිසි දඬුවම් නොදී, මේ තරුණයින් ඒවාට නිරාවරණය කරලා, ඇබ්බැහි වෙන්න දීල බලන් ඉඳලා දැන් අල්ලනවා. ඔවුන් මතට නිරාවරණ කරලා මත්කුඩු වෙළඳ පොළ විනාශ නොකරපු දේශපාලකයින් පොලිසිය, වැඩිහිටියන් මේවට වගකිව යුතුයි.. අල්ලන්න ඕනේ විකුණන අය... ඇබ්බැහි වුනු තරුණයින් අනිවාර්ය පුනරුත්තාපනයකට ලක්කළ යුතුයි. ලංකාවේ 115000 ක් අවු 15-18 අතර මතට ඇබ්බැහි වුණු තරුණයින් ඉන්නවා. ඔවුන් වැරදිකාරයින් කරනවාට වඩා, ගෙන්වන, බෙදාහරින අය අල්ලලා එල්ලන්න.
අසල් වැසියන්ට උන කරදරයට අමතරව මෙතන මොකද්ද වරද? මත්පැන් බිබී මේ පාටිය දැම්ම නම් අත්අඩංගුවට ගන්නේ නැද්ද?