(යොහාන් භාසුර)
බොරැල්ල නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලකින් කොල්ලකෑ රන් පවුම් 32 න් 18 ක් ත්‍රීකුණාමලය, රත්නපුර සහ මාතලේ ඇතුළු ප්‍රදේශ කීපයක උකස් කර සහ විකුණා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.
මෙම කොල්ලයට ආධාර සහ අනුබල දීමේ චෝදනාවට මේ වන විට බෝමිරිය, කඩුවෙල, මාලඹේ සහ රත්නපුර පදිංචිකරුවන් වන කාන්තාවන් සිව්දෙනෙක් ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව කී පොලිසිය ඒ අතර අඹුසැමි යුවළක් සිටින බව ද සඳහන් කළේය.
කොල්ලයේ ප්‍රධානම සැකකරුවන් දෙදෙනා මේ දක්වා අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවත් ඔවුන් ගම්පහ නගරයේ මූල්‍ය ආයතනයක සිදුවූ කොල්ලකෑමක් ඇතුළු කොල්කෑම් රැසක සැකකරුවන් බව ද පොලිසිය පැවසීය.
කොල්ලකරුවන් දෙදෙනෙක් බොරැල්ල නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලකට පසුගිය 11 වැනිදා ඇතුළු වී වෙඩි තබා සේවකයන් බියකර රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකා පලාගොස් තිබුණි.
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයෙන් බොරැල්ල පොලිසිය, බස්නාහිර දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සහ කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර රටේ ආරක්ෂාවට මුල්තැන දෙනවා කියලා නයෙක් සමග සක්වල ගල පුපුරවාගෙන ආපු කෙනා....?