(නිමන්ති රණසිංහ )
බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි එම පල්ලියේ සන්ක්‍රිස්තියන්වරයා නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (09) නියෝග කළාය.
ඒ අනුව මෙලෙස නිදහස් කරනු ලැබුවේ සෙල්වදොරෙයි පැන්සිස් මුනින්ද්‍ර නොහොත් මුනි යන අයවලුන්ය .
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (09) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
සිද්ධියට අදාළව මෙතෙක් විමර්ශන අවසන් නොමැති බවද මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුව පරාජය වෙමින් පවතියි. සත්‍යය කෙදිනක හෝ ජයගනියි..! ශක්තිය, යුක්තිය, සාධාරණය අපිට නිකන් නොලැබේ. නිදහස් අහිංසකයා කොපමණ දුකක් 4 වැනි මහලේ විඳින්නට ඇද්ද?
තමන්ගේ නොහැකියාවේ ලැජ්ජාව වහගන්න මේ අහිංසකයාව හිර කරගෙන හිටියා. එයාගේ මානව අයිතිවාසිකම් කැලේ... විලි ලැජ්ජා නැති පොලිසියක්... භාරකාර ඇමැතියටම හරියන මහලොකු රහස් පරීක්ෂක...
පොලිස් ඇමැති ඉක්මණින් ඉතුරු ගිනිකූරුත් ගණන් කරයි. නියම රහස් පරීක්ෂණ... කොහෙන් හිනාවෙන්නද මන්දා..?
කැකිල්ලේ රජාගේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ... මහ මිනීමරුවෝ නිදහසේ, සුවසේ එළියේද?