
(යොහාන් භාසුර)
මියගිය බෑනාගේ වසර 10 කට ආසන්න කාලයක රුපියල් ලක්‍ෂ 25 ක පමණ වන විශ්‍රාම වැටුප නීති විරෝධී ලෙස ලබාගත් නැන්දාඅම්මා සහ ඒ සඳහා ආධාර සහ අනුබල දුන් ග්‍රාමනිලධාරියා නිදහස් කිරීමට කටයුතු කළ දෙහිවල ප්‍රාදේශීය ලේකම්වරයා සහ ගණකාධිකාරිවරයකු ඇතුළු නිලධාරීන් කීපදෙනකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
අදාල කාන්තාව නීති විරෝධීව විශ්‍රාම වැටුපක් ලබාගන්නා බවට දෙහිවල ප්‍රාදේශීය ලේකම්වරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරිවරයෙක් ප්‍රමුඛ පරීක්‍ෂණ මණ්ඩලයක් ග්‍රාම නිලධාරී නොදනුවත්ව කළ කටයුත්තක් යැයිද, අදාල කාන්තාව නීති විරෝධීව ලබාගත් විශ්‍රාම වැටුප් මුදල නැවත ගෙවන ලෙසත් නිර්දේශ කර ඇති බවත් එය නීති විරෝධී ක්‍රියාවකට අනුබලදීමක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිව සිටි අදාල විශ්‍රාමිකයා 2006 වසරේ මිය යෑමෙන් පසුව ඔහුගේ බිරිඳගේ අම්මා තමන් බිරිඳ යැයි පවසමින් වැන්ඳඹු විශ්‍රාම වැටුප ලබාගෙන ඇති අතර ඇයට ඒ සඳහා අවශ්‍ය ජීවිත සහතික ඇතුළු සහතික චෝදනාලාභී ග්‍රාමනිලධාරීවරයා සකසා දී තිබේ.
එම මියගිය විශ්‍රාමිකයාගේ බිරිඳ 2003 වසරේ මියගොස් ඇති බව හෙළි වී ඇති අතර අදාල කාන්තාව නීති විරෝධීව ලබාගත් විශ්‍රාම වැටුප ලෙස ලක්‍ෂ 25 ක පමණ මුදලක් මේ වන විටත් ප්‍රාදේශීය ලේකම්කාර්යාලයට ගෙවා ඇතැයි ද දැනගනක්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොඳයි. අපේ රාජ්‍ය නිලධාරීන් දැන් දේශපාලනඥයින් වංචා කරපු මුදලුත් මේ ආකාරයටම අයකර ගන්නවා ඇතැයි සිතමි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් හරිම කාර්යක්ෂමයිනේ. අපි බලන් ඉන්නවා හරියට නීතිය ක්‍රියාත්මක කරන කරනතුරු...