(ආනන්ද ඉ ජයකොඩි)
රූමත් දෙදරු මවක වේයන්ගොඩ හිග්ගොල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක තබා ගෙන ගණිකා වෘත්තියේ යෙදවූ බව කියන සිද්ධියක් සම්බන්ධව එම හෝටලයේ සේවකයකුට සහ දෙදරු මවට පහර දුන් බව කියන ඇයගේ සැමියා අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය අද (20) පැවසීය.
දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන රූමත් විවාහක කාන්තාවක් සමග කිසියම් පුද්ගලයෙකු ප්රේාම සම්බන්ධයක් පවත්වා ඇයව වේයන්ගොඩ හිග්ගොල්ලවත්ත ප්ර්දේශයේ හෝටලයකට රැගෙන විත් මුදල් ඉපයීම සඳහා ගණිකා වෘත්තියේ යෙදවූ බව කියමින් ඊයේ (19) පස්වරුවේ පහර දීම සිදු කොට ඇති බවද පොලීසිය කීය.
එම කාන්තාවගේ සැමියා හෝටලයට කඩා වැදී පළමුව එම කාන්තාවට පහරදී ඇති බවත් ඒ අවස්ථාවේ එහි සේවකයෙකු පහරදීම වීඩියෝ ගත කළා යැයි කියමින් ඔහුටද පහර දීමෙන් අනතුරුව හෝටලයටද පහරදී අලාභ හානි සිදු කොට පලා ගොස් සිටියදී අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියා සිටියේය.
එම හෝටලය තුල කාන්තාවන් මුදලට අලෙවි කරනවාද යන්න පිළිබඳව වෙනම පරීක්ෂණයක් පවත්වා ගෙන යන බවත් මෙයට පෙරද එම කාන්තාව මෙම හෝටලය තුල තබා ගෙන සිටි බවට තොරතුරු ලැබී ඇති බවද පොලීසිය කීය.
අත් අඩංගුවට ගෙන සිටින සැකකරු රැකියාව සදහා නිවසින් පිටව යාමෙන් පසුව බිරිය හෝටලයට කැදවා ගණිකා වෘත්තියේ යොදවන බවද පරීක්ෂණවලදී හෙළි වී ඇත.
පහර දීම සම්බන්ධව අත් අඩංගුවට ගෙන සිටින සැකකරු අත්තනගල්ල මහේස්ත්රාතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්රතධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතා ප්රනමුඛ එහි පොලිස් නිලධාරීහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමියා මොකටද යකා නටලා වටේ පිටේ මිනිස්සුන්ට පහර දීලා දේපළ වලට හානි කරන්නේ? බිරිඳ සිය කැමැත්තෙන්මනේ වෘත්තියේ යෙදිලා තියෙන්නේ!!! සැමියා මුලින්ම කරන්න ඕන වෛද්‍ය පරීක්ෂණයක් කරලා තමාට සමාජ රෝග වැළඳිලා නැති බවට තහවුරු කර ගන්න එකයි. දරුවන් දෙදෙනාගේ පීතෘත්වය තහවුරු කරගන්න එකයි.
මේ වගේ වෙලාවක සැමියගේ හැසිරීම හරිම සාධාරණයි. හෝටල් සේවකයාත්, මේ කාන්තාවත් අත්අඩංගුවට ගන්න ඕනේ...
වැරැදි එක්කෙනාවනේ පොලිස් අත්අඩංගුවේ ඉන්නේ.. කාන්තාවයි, ඒ අනුබල දුන්නු කෙනයි අත්අඩංගුවට ගත යුත්තේ. බලනකොට පොලිසියත් මේ වැඩවලට සම්බන්ධ ඇතියි කියලයි මට පෙනෙන්නේ...
ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි දැන් කාලේ... බිරිඳ මේක්අප් කරන්න මුදල් ඕනෑ වුණාම කරන වැඩනේ්... එච්චර ගණන් ගන්න එපා.
මෝඩ සැමියෙක්. මේ වගේ කාන්තාවකගෙන් ගැලවෙන්නේ නැතුව පිස්සු නටනවා. අද කාලේ මේවා වැහිවැහැලා...
වටේ යන උන්ව කරගහගත්තම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ...
කළයුතුව තිබුණේ පළමුව පොලිසියේ පැමිණිල්ලක් දමන එක... දෙවනුව ඔවුන් අල්ලා උසාවි දැමීම... කළයුතුව තිබුණු බරපතල වරදක්... කාන්තාවට සහ හෝටල් හිමියාට නීතියෙන් දඬුවම් ලැබෙනවා.
අනේ ද කියන්නෙ ඔයින් ගියා මදැයි.