(යොහාන් භාසුර)

බොරතෙල් ප්‍රමිතියෙන් තොර වීම නිසා තෙල් පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල් විදුලි ජනනයට යොදාගත නොහැකි වී ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ආනයනය කර ඇති බොරතෙල්වල ‘සල්ෆ’ ප්‍රතිශතය වැඩි වීම නිසා ප්‍රමිතියෙන් තොර බව කී රත්නායක මහතා සාමාන්‍යයෙන් බොරතෙල්වල ‘සල්ෆ’ ප්‍රතිශතය සියයට 2 ක් පමණක් තිබිය යුතු වුවද තෙල් පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල්වල ‘සල්ෆ’ ප්‍රතිශතය සියයට 3 ක් පමණ වීම නිසා විදුලි ජනනයට යොදාගත නොහැකි බව ද සඳහන් කළේය.  

තෙල් පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල් වෙස්කොස් විදුලි බලාගාරයට පාවිච්චි කළ නොහැකි වීම විදුලි කප්පාදුව ඉහළ දැමීමට හේතුවක් වී ඇති බව ද රත්නායක මහතා සඳහන් කළේය.

වර්තමාන පවතින දැඩි උෂ්ණත්වයත් සමඟ විදුලි ඉල්ලුම ඒකක මිලියන 38 සිට ඒකක මිලියන 43 ක් දක්වා ඉහළ යෑම ද විදුලි කප්පාදුව ඉහළ යෑමට හේතු වී ඇතැයි ද සභාපතිවරයා වැඩි දුරටත් කීය.