IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍යයෙන් එන ගුවන් යානා තාවකාලිකව අත්හිටුවයි

( තිළිණි ද සිල්වා )
 
එක්සත් රාජධානියේ සිට හෙට (23 ) අලුයම 2 පසුව මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා අද (22) පැවසීය.
 
කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයේ පැතිර යාමත් සමග ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බවද සිවිල් ගුවන් සේවා අධිකාරි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 
ශ්‍රී ලංකන් ගුවන් සේවය අයත්  ගුවන් ගමන් ඉදිරි දිනවලදී සිදු නොවුණද වෙනත් වානිජ ගුවන් සේවා සමාගම් විසින්  සැලිකිය යුතු ප්‍රමාණයකින් බ්‍රිතාන්‍යයේ සිට ගුවන් මගීන් රැගෙන එන හෙයින් , සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවද උපුල් ධර්මදාස මහතා පෙන්වා දුන්නේය.
 
 
ඒ අනුව හෙට (23) අලුයම 2.00 සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට පැමිණෙන කිසිදු ගුවන් යානයකට මෙරටට පැමිණීම අත්හිටවූ බවද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා කීවේය.



අදහස් (1)

බ්‍රිතාන්‍යයෙන් එන ගුවන් යානා තාවකාලිකව අත්හිටුවයි

බද්රානි Tuesday, 22 December 2020 10:16 AM

අනේ අපරාදේ!! අපේ අර පැණිය පොවලා කොරෝනා වැළඳුණු එංගලන්තේ සුද්දන්ව ලංකාවට ගෙනැල්ලා සුවකරලා පෙන්නුවා නම්, අපිට නොමිලේම ජාත්‍යන්තරයේ කප් එක උස්සන්න තිබුණනේ? මට නම් හිතෙන්නේ උපන්ගෙයි ලංකාවේ මෝඩයින් විතරක් නෙවෙයි, එංගලන්තේ සුද්දොත් ඔය පැණියෙන් ගොඩ එනවා. ඒක ෂුවර්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site