කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගත කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (6) රාත්‍රියම දැඩි සත්කාර ඒකකයේ ගත කළ බව රෝහල් බලධාරීහු අද (7) ප්‍රකාශ කළහ.
දින 10කට පසුත් නව කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ පෙන්වීමත් දැඩි කැස්ස හා උණ ගතිය නිසා ඉරිදා පස්වරුවේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කළේය. වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉරිදා පස්වරුවේ රෝහල් ගත කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳුඳා පස්වරුවේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් 55 වන වියේ පසු වේ. කොරෝනා වයිරසය ආසාදනය වූ ලොව ඉහළ හා ප්‍රමුඛ පෙළේ ලෝක නායකයා වන්නේ ද ඔහු ය. රට තුළ ජාතික හදිසි තත්ත්වයක් ඇතිව තිබියදී අග්‍රාමාත්‍යවරයකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ පළමු අවස්ථාව මෙය යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් , ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ඇතුළු ලෝක නායකයා ඇතුළු විශාල පිරිසක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළහ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වූයේ මාර්තු මස 27 වැනිදාය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ස්වසන සංවාතන යන්ත්‍රයකට (වෙන්ටිලේටර) සවි කර නොමැති නමුත් ඔහුට ඔක්සිජන් සහාය දෙන බව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍යයේ ‘කැබිනට් කාර්යාල’ අමාත්‍ය මයිකල් ගෝ පැවැසීය.
මේ අතර අග්‍රාමාත්‍ය ධුරයේ වගකීම් දැරීමේ සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ බලය බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් (අමාත්‍ය) ඩොමිනික් රාබ් ට පවරා ඇත.
ඒ.එෆ්.පී./රොයිටර්ස්
055
COMMENTS
අන්න එහෙ ඉන්න ලංකාවේ උන්ව ගණන් ගන්නේ නැතිලු කොරෝනා කියල කෝල් කලත්, මහලොකු ප්‍රජාතන්ත්‍රවාදී රටලු
සින්හල ජාතියට කල විනාශයේ වන්දිය .....
මේ මනුස්සයා සිංහල ජාතියට හොඳක් කරන්න හිතන් හිටපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා කඳුළු හෙලා පලක් නැහැ. සිංහලය රකින දෙවිවරු මෙහු ගැන බලා ගනිත්වා...
අපේ හෙළ ඔසුව යවන්න බැරිද !
බොරු ෂෝ ඉවරයි.අපෙන් අරන්ගිය නැව් තුනක වෙද පුස්කොල පොත්ටික අපිට දෙන්න. අවුරුදු සියයකට වඩා අපිව හුරන් කාපු අය.
අපේ " සත්ගුණවත් පින්වත් තක්කඩි රෑන " වැසිකිළි යන්න බැරිවුනත් නැට්ට ගිනිගත්තා වගේ දුවගෙන ගියේ සිංගප්පුරු රෝහල්වලට. එක අතකින් මේ යෝදයා හොදයි. තමන්ගේම රටේ රෝහලකම ඉන්න එක.. විශේෂයෙන් හිටපු ලෝකෝත්තර දත් කොන්දොස්තරට මෙය කියවීමට හැකි වේවා !!
මෙතුමා රට ජාතිය ආගම වෙනුවෙන් සටන් කරපු අයෙක්. තෙරුවන් සරණයි ! සියලු දෙවි පිහිටයි !
විදේශ අමාත්‍ය ඩොමිනික් රාබ් අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බලන්න සිදුවේ දැයි කියන ගැටලුව තමයි මට නම් තියෙන්නේ. තම අසල්වැසි රටවල දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින භයානක උවදුර දැක දැකම කයිවාරු ගසමින් නිසි කලට ගතයුතු ක්‍රියා මාර්ගයක් නොගත් අගමැතිවරයෙකු ලෙස තමයි මම නම් මොහුව දකින්නේ. මේ වනවිට බ්‍රිතාන්‍යයේ පවතින කොරෝනා මරණ සංඛ්‍යාව ඉදිරියේදී වඩාත් වැඩිවනු ඇති බව තමයි විචාරකයින්ගේ අදහස වන්නේ.
අද උතුම් වූ බක් පෝය දිනයේ මෙතුමාට ඉක්මන් සුවය පතමි බෞද්ධයෙක් වශයෙන්....
එංගලන්තයේ ඇමෙරිකාවේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අය කොරෝනාවෙන් මිය යද්දි ශ්‍රී ලංකාවට ලෙඩ ගෙනාවා කියලා බැනුම් අහන ඉතාලියේ ඉන්න ලංකාවේ අය යහතින් ඉන්නවා.
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා !
එහෙ එහෙම උනාට මෙහෙ නිකන් නඩු වැටුනම දැඩි සත්කාර ඒකකයට මාරු වෙන අය ඉන්නේ. මොනවා උනත් මෙතුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු !
මෙයත් ගෙදර ඉදන් පැරසිටමෝල් අරගෙන ආදර්ශමත් වෙන්න තිබුනේ... කලු හම වන ආසියානු දෙවෙනි පන්තියේ පුරවැසියන්ට සැලකිල්ල මේ කාලේ විනිවිද පේනවා .සෑම මිනිස් ජීවිතයක්ම මෙයාලට සමාන සමුළු වල විතරමයි...
ලංකාවේ කොරෝනා රෝගීන්ට පන්න පන්න බැන්නට, සුද්දන්ට තියන සත්ව කරුණාව නම් යස අගෙයි. ඉතාලියේ ජීවත් වෙන ලාංකිකයින්ගේ මරණ සංඛ්‍යාව ගණන් කරන්න බලා ගෙන හිටියට ඒ වැඩේ, හරිගියෙත් නැහැ, කරුමෙට? ඒ මිනිස්සුන්ට බැන ගන්න විදිහකුත් නැහැ. කරන්න දෙයක් නැතිකමට දැන් ඉතින් එංගලන්තේ බොරිස් ජොන්සන් මහත්තයට වත් සුබපතලා හිත හදා ගන්නවා. එම රටවල ජීවත් වෙන ලාංකිකයින්ට වඩා එරට අගමැති තුමාව අපට මහා මෙරක් තරමට වටිනවා. මොනවා නැතත් ඒ මනුස්සයා ලන්ඩන් හීත්රෝ එයාර් පොර්ට් එක වහන්නේ නැතිව අපේ ප්‍රභූන් ටිකට හා එවැනි පවුල් වල ළමයි ටිකට ලංකාවට එන්න අවස්තාවක් ලබා දීල තියනවනේ. ඉතින් ඒකම මදිද?