(රන්ජන් කස්තුරි,තිළිණි දි සිල්වා)
බුර්කාව සහ නිකාබය තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි විදෙශ කටයුතු අමාතයංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය පිළිබඳව මෑත කාලිනව මාධ්‍ය වාර්තා මගින් ඉස්මතු කර තිබේ.
විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසා ඇත්තේ එවැනි තහනමක් පැනවීම සඳහා රජය තීරණයක් ගෙන නොමැති බවත් එය හුදෙක් යෝජනාවක් පමණක් වන අතර එය දැන සාකච්ඡාවට භාජනය වෙමින් පවතින බවත්ය. පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳ ජනාධිපි විමර්ශන කොමිසන් සභාවේ විමර්ශනයට අනුව, ජාතික ආරක්ෂාව හේතුවෙන් අවශ්‍ය වන පූර්වාරක්ෂාව මෙම යෝජනාව සඳහා පදනම් වි තිබේ.
රජය අදාල සියලු පාර්ශවයන් සමග පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති අතර අවශ්‍ය උපදේශන පැවැත්වීම සහ එකඟතාවකට පැමිණීම සඳහා ප්‍රමාණවත් කාලයක් වැය කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තුරු සේරම දෙනා "භූමදානය කරන්න දෙන්නේ නෑ, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වැඩිමිලට විකුණන්න දෙන්නේ නෑ, ජෙටිය අදානිට විකුණන්නේ නෑ, අපේ කිසිකෙනෙක් වනාන්තර කපන්නේ නෑ, බලයට පත් වුණු ගමන් මහබැංකු හොරුන්ට සහ පාස්කු අපරාධයට වගකිවයුතු සියල්ලටම දඬුවම් දෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් ආපහු ගෙන්වනවා, අරක කරනවා, මේක කරනවා" කියලා තව කොච්චර නම් දේවල් කීවද නේද ඉතින්...?
අපි මේවට කොහෙන්ද හිනාවෙන්න ඕනෑ? ගෝඨාභය ජනාධිපතිතුමනි, අපිට හරිම මහන්සියි... ඔබගේ ආණ්ඩුව කරන දේවල්වලට හිනාවෙලා.
ස' ටයි, වියත්මගේ කට්ටියටයි බුර්කා පාවිච්චි කරන්න වෙයි වගේ...
සරත් වීරසේකර මහත්තයත් චිත්‍රපටි පෙන්නන්න ගත්තා වගේ....
එතකොට ඒ ගහපු ගැසට් එකත් හොඳ රටකජු ඔතන්නද?
එතකොට අර කවුදෝ තුමෙක් මොකක්දෝ පත්‍රිකාවක් අත්සන් කළා කිව්වේ විහිළුවටද? එහෙමත් නැතිනම් අර තිත්ත සීනි පැණිරස වෙනකල්ද?
ජිනීවා ඡන්ද අත ළඟ...
මේ ආණ්ඩුවේ වම් අත දන්නේ නැහැ... දකුණු අත කරන දේ...
තවත් රැවටීමකට මම අහුවුණා. මගේ වැරැද්ද...!
දවසේ ප්‍රශ්නය: ඇමති සරත් වීරසේකරගේ රෙදි ගැලවෙයිද? නැද්ද? නිවැරදි පිළිතුර දී බුර්කා එකක් දිනාගන්න
ඔය කියන බුර්කාව තහනම් කරන්න තාම කෝඳුරු තෙල් පට්ට හතක් එකතු වුණේ නැහැ නේද? හැබැයි මහත්තයෝ මේ යන විදියට 2025 මැතිවරණයෙන් පස්සේ නම් ගෙදර යනකොට තමයි ඔය බුර්කාවේ අගේ තේරෙන්නේ...
මුන්ට පිස්සුද? අපිට පිස්සුද? තාම මට හිතාගන්න බැහැ..
අයියෝ. මේක අර වරාය විකුණන වෙලාවේ හරක් මරන්න තහනම් කියපු එකේ දෙවැනි විහිළුව. නන්දසීනි අමතක වෙනකම් විතරයි මේ කතා. දැන්වත් බයි මානසිකත්වයෙන් මිදෙන්න. අපේ රට ආර්ථිකව වැටුණත්, කාන්තාරයක් වෙන්න කළින් බේරගනිමු.