(ඉන්දිකා රාමනායක)
පැහැරගෙන ගොස් රඳවා තබාගෙන පහර දී දෑත පුළුස්සා දැමූ බව කියමින් මාධ්‍යවේදීයකු ඉදිරිපත්කර තිබූ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවට කොළඹ අපරාධ කොට්ඨාසය කළ පරීක්සණයකදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම මාධ්‍යවේදියා කුරුණෑගල දඹදෙණිය සිය නිවසේදී ඔහු විසින්ම දෑත් පුළුස්සාගෙන මෙම ව්‍යාජ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවටද පොලීසිය තොරතුරු හෙළිකරගෙන ඇත.
ඔහුගේ මෙම ප්‍රකාශයෙන් රටේ ආන්දෝලනයක් ඇතිව තිබූ අතර ඔහු මෙවැනි ව්‍යාජ පැමිණිල්ලක් සිදු කළේ ඇයිද යන්න සෙවීමට පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.
මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන මොකටද? බොහෝදුරට යුරෝපීය රටක පදිංචියට යන්නනේ...
පොලීසිය එන්න කළින් ස්විස් එම්බසියට ගියානම් අද මෙයා ඉන්නේ සූරිච්...
මේවගේ කාලකණ්ණින්ට උපරිම දඬුවම් ලැබේවා...!!! මෙයාගේ වතගොත, ඡායාරූප සමගම පළකරන්නේ නම් "රෙදි සියල්ල ගැලවෙනු" නියතයි.
දොස්තරගේ වැඩක්...
කුමන ආණ්ඩුවකට විරුද්ධව වුවද මෙවැනි සංවිධානාත්මකව අපහසුතාවයන්ට පත් කරන අයට එරෙහිව දැඩි පියවර ගත යුතුයි. මේකත් ජිනීවා කුමන්ත්‍රණකරුවන්ගේ වැඩක්....
සචිත්, ප්‍රභා ... මොහු හෝ මැය කවුද කියලා දන්නවද?
දෙයියො තමයි දන්නේ කවුද බොරු කියන්නේ කවුද ඇත්ත කියන්නේ කියලා .මෙරටේ වෙන දේ දැක්කාම පුදුම හිතෙනවා .පැමිණිල්ල දාන්න යන මිනිහා වැරැදි කාරයා වෙනවා