(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දේශීය සිනමා කර්මාන්තය ගොඩනැඟීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කළ හැකි විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාරදී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ යෝජනාවක් ලෙස නිකුත් කර ඇති මෙම ලිපියට අත්සන් කර ඇත්තේ විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර,මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 21 දෙනෙකි.
දේශීය චිත්‍රපට කර්මාන්තය 1971 සිට 1979 කාලයේ මෙන් යළි ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගැනීමට කටයුතු කිරීම,සාම්ප්‍රදායික චිත්‍රපට කරණය වෙනුවට ඩිජිටල්කරණය හඳුන්වාදීම,රාජ්‍ය අනුග්‍රහය ඇති සිනමා පාසලක් බිහි කිරීම ආදී යෝජනා කිහිපයක් ඉටුකර ගැනීම වෙනුවෙන් මෙම විශේෂ කාරක සභාව පත් කළයුතු යැයි අදාල ලිපියෙන් ඉල්ලා සිට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන නටන ඔලුබක්කන් නාටකය දැන් මහජනයාට තිත්ත වෙලා. කරන්න පුළුවන් හොඳම දේ තමයි රොත්ත බුරුත්ත පිටින් තොලොංචි වෙලා යන එක...