IMG-LOGO

බයිඩ්න්ගෙන් ගෝඨාභයට පණිවිඩයක්

(සුජිත් හේවාජුලිගේ )

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇතිකරගෙන ඇති සබඳතාව  ශක්තිමත්ව පවත්වාගෙන යෑමට සෑම  මට්ටමකදීම අඛණ්ඩව  සහය දෙන බව මෙරටට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික ඉහළ  පෙළේ දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (27)  පොරොන්දු වූහ.

ශ්‍රී ලංකාවට හැකි උපරිමයෙන් උපකාර කරන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද  ඔවුහු සඳහන් කළහ.

මෙම දූත පිරිස මෙසේ පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී අද (27) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.

මෙම දූත පිරිසට   අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ  නියෝජිතයෝ ඇතුළත් වෙති.

දූත පිරිසේ සංචාරය  මෙහිදී  පැසසුමට ලක් කළ ජනාධිපතිවරයා  රටේ ආර්ථික අසිරුතාව, සමාජයීය අපහසුතාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබඳව  එම පිරිස  දැනුවත් කළේය.

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ඉතා උනන්දුවෙන් පසුවන බවත්  මේ අසීරු කාල සීමාවේදී ශ්‍රී ලංකාවට  හැකි උපරිමයෙන් උපකාර කිරීමට කටයුතු කරන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන් බවත්  එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා  නියෝජ්‍ය රාජ්‍ය සහකාර ලේකම් කෙලී කීඩර්ලින් (Kelly Keiderling) සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කලාපය බාර නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් (Robert Kaproth) යන මහත්වරු මෙහිදී  සඳහන් කළහ.

අවදානමට ලක්ව සිටින පවුල් සඳහා  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග  සහන ලැබෙන  බව පැවසූ දූත පිරිස ඉදිරි කටයුතු සඳහාද එය ධනාත්මකව බල පැවැත්වෙනු ඇති බවට විශ්වාසය පළ කළහ.

ඕනෑම අයකුට අදහස් ප්‍රකාශ කිරීම සඳහාදී ඇති නිදහස් අවකාශය පිළිබඳව දූත පිරිස ජනාධිපතිවරයාට  ප්‍රසාදය පළ කළහ.

කුඩා පරිමාණ ව්‍යාපාර නගා සිටුවීමට කොමර්ෂල් බැංකුවට ඇමරිකානු ඩොලර් මිලියන 100ක මධ්‍ය කාලීන ආධාර මුදලක්ද  මානුෂීය ආධාර ලෙස ඩොලර් මිලියන 5.75ක හා ඩොලර් මිලියන 6ක ප්‍රදානයක්ද කර ඇතැයි  පැවසූ එම දූත පිරිස  ඉවතලන ප්ලාස්ටික් ද්‍රව්‍යවලින් පොලියෙස්ටර් කෙදි සහ නූල් සැකසීමේ ව්‍යාපෘති සඳහා සහායදී ඇති බවද  සිහිපත් කළහ.

ඖෂධ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ණයවර ලිපි නිකුත් කිරීමේ දී ශ්‍රී ලංකාවට සහාය වන ලෙස ජාත්‍යන්තර බැංකු වෙතින් ඉල්ලා සිටීමට කටයුතු කරන බව කෙලී කීඩර්ලින් සහ රොබර්ට් කැප්‍රෝත් යන මහත්වරු කියා සිටියහ.

මේ සාකච්ඡාවට එක්සත් ජනපද භාණ්ඩාගාර කාර්යාලයේ දකුණු සහ අග්නිදිග ආසියාවේ අධ්‍යක්ෂ මැතිව් මොහෙලෙන්කැම්ප් (Matthew Mohlenkamp), එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාවේ ආර්ථික ඒකක ප්‍රධානි ජෝන් මැක්ඩැනියෙල් (John McDaniel), ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung), ඇමරිකානු තානාපති කාර්යාලයේ වැඩබලන දේශපාලන ප්‍රධානී ජෙෆ් චැනින් (Geoff Chanin) හා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (1)

බයිඩ්න්ගෙන් ගෝඨාභයට පණිවිඩයක්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 28 June 2022 10:31 AM

දැන් අරගලයේ සිටිනා අය කළ යුත්තේ, මුමත රටේම සිටින ජනතාවගේ අත්සන් ලබාගෙන, මේ දූෂිත පවුල් පාලනයෙන් අප නිදහස් කරගැනීමට කටයුතු කාරණා ලෙස ලොව ප්‍රභල රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටීමයි. එසේම අපේ රටින් හොරෙන් ගෙනගිය මුදල් ලබාගැනීමට හා රටේ මුදල් හොරකම් කොට ගත් දේපල අපේ රටට ලබාදෙන ලෙසද ඉල්ලා අරගලයට නව මුහුණුවරක් දීම සුදුසුය.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site