(ඩී කේ රත්න)
බණ්ඩාරවෙල අඹදණ්ඬේගම බඹරගම දියඇල්ලේ පිංතූර ගැනීමට ගිය තරුණයින් තිදෙනෙකු අද (25) හවස එම දියඇල්ලෙන් පහළට වැටීමෙන් ඉන් තරුණයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි.
අනිත් තරුණයකු තුවාල ලබා බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කර ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
බණ්ඩාරවෙල හීල්ඔය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණයෙකු හා වැලිමඩ පදිංචි වයස අවුරුදු 20 තරුණයෙකු මෙසේ අතුරුදන්ව තිබේ.
මෙම තරුණයින් රාවණාඇල්ල දිය ඇල්ල ඉහල කොටසේ අඹදණ්ඬේගම ප‍්‍රදේශයේ දිය නෑමට ගොස් බඹරගම දියඇල්ලේ පිංතූර ගැනීමට යාමේදී ඉහල සිට පහලට වැටී අතුරුදන්ව තිබේ.
අතුරුදන් වූ තරුණයන් දෙදෙනා සොයා බණ්ඩාරවෙල පොලීසිය කිමිදුම්කරුවන් යොදවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆොටෝ අන්තර්ජාලයට දාන්න වුනා...