(පාලිත ආරියවංශ සහ කරුණාරත්න පල්ලේගම)
ඇල්ල,රාවණාඇල්ලේ ඉහළ කොටසේ පිහිටි බණ්ඩාරවෙල අඹදණ්ඩේගම, බඹරගම දියඇල්ලට වැටී අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ සිරුරු නාවික හමුදා කිමිදුම්කරුවන් සහයෙන් අද (26) සොයාගත් පොලීසිය පවසයි.
එම ස්ථානයේ පිහිටි දිය වළක සිරුරු රැදී තිබියදී සොයාගෙන තිබේ.
ඊයේ (25) දවල් තවත් පිරිසක් සමග දිය නෑමට ගිය අවස්ථාවේ මෙම තරුණයන් දෙදෙනා දියඇල්ලට වැටී අතුරුදන් විය.
ඔවුන් දෙදෙනා සමගම දියට වැටුණ එක් තරුණයක් අසීරුවෙන් බේරී හිසේ තුවාල සහිතව බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කර තිබේ .
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කැප්පිටිපොල දිවුරුම්වෙල පදිංචි එම්.බී. ප්‍රසාද් මංජු (21) සහ හීල්ඔය උඩඅරාව පදිංචි විශ්ව ප්‍රකාශ් විජේසුන්දර (20) අපොස උසස්පෙළ ශිෂ්‍යෙයකි.



(ඡායාරූප - කරුණාරත්න පල්ලේගම)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල ජාතිය විනාශ වෙන්නේ නාන්න ගිහින්...
සිංහල ජාතිය ඇදගෙන නාන්නේ...
පීනන්න නොදන්නා කම නිසා කොච්චර නම් මිනිස්සු මැරෙනවද ? පීනන්න ඉගෙනගන්න ,දින 7 පූල් එකකට යන්න රුපියල් 1500 වියදම
දියේ ගිලිම ලෝකේ වෙධානම මරණයයි. පීනන්න ටිකක් දැනගෙන හිටියනම් ? මෙවැනි දුක්මුසු ඉරණමක් ඇති නොවෙන්නේය
පොඩි ඇල්ලක්නේ මේක...
මන් පීනන්න නොදන්නා හැමෝගෙන්ම ඉල්ලන්නේ පිහිනුම් තටාකයකට ගිහින් පීනන්න ඉගෙන ගන්න. දින හතකින් පමණ දියේ නොගිලී බේරන්න පුළුවන්. මෙයට රුපියල් 1500ක පමණ මුදලක් වැයවෙන්නේ, මේ හේතුව නිසයි බටහිර රටවල හැමෝම නගර සභාවෙන් අරඹා ඇති පිහිනුම් තටාකවලට ගොස් ඉගෙන ගන්නේ...