
(සිතුම් චතුරංග)
වවුනියාව බෝගස්වැව මධ්‍ය මහ විද්‍යාලයේ සිසුන් 45ක් හා ගුරුවරුන් තිදෙනකු බඹරුන් දෂ්ඨ කිරීමෙන් රෝහල ගත කළ බව බෝගස්වැව පොලිසිය කියයි.
උදෑසන රැස්වීම අතරතුර බඹර ප්‍රහාරය එල්ලවී ඇති අතර බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් සිසුන් දෙදෙනකු හා එක් ගුරුවරයකු අසාධ්‍ය තත්වයෙන් සිටි බවද පොලිසිය පැවසීය.
බඹරුන් දෂ්ඨකළ සිසුන් පිරිසක් පදවිය රෝහලට සහ සෙසු පිරිස වවුනියාව මහ රෝහල වෙත ඇතුලත් කළ බවත් සඳහන් කළේය.
සිසුන් හා ගුරුවරුන් බෝගස්වැව යුද හමුදා කඳවුරේ බස්රථයකින් හා වවුනියාව රෝහලේ ගිලන් රථ සහ සුව සැරිය ගිලන් රථ ඔස්සේ රෝහල් වෙත රැගෙන ගිය බවත් පැවසීය.
බඹරුන් දෂ්ඨ කිරීමෙන් වවුනියාව මහ රෝහලවෙත රැගෙන ආ සෙසු පිරිසගේ තත්වය බරපත නොවන බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද පාඩම? ඒ ලමයි මොනා කලාටද?
අනේ අපොයි ළමයි ටික මොනවරදක් කලාටද?