(රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (24) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 04 දෙනෙකු සහ එක් කම්කරුවෙකු ඇතුළු පස් දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් සැන්විජස් වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට මෙසේ බඹර ප්‍රහාරයට පත් වී තිබේ.
තේ පදුරක් මත බැද තිබූ බඹර කූඩුවක් තුවාල ලැබූ කාන්තාවකගේ පයේ පෑගීමෙන් පසු බඹරුන් ඇවිස්සී සෙසු වතුකම්කරුවන්ට පහර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd