(දිල්රුක්ෂි ග්‍රේරු)
පුද්ගල ඝාතන , මත්කුඩු ජාවාරම් හා සම්බන්ධ පාතාල සාමාජිකයකු වන මොහොමඩ් සියාම් හෙවත් ‘ජී බුම්මා‘ නැමැත්තා ගම්පොල නිවසක සැඟව සිටියදී අද ( 13) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය කළ විශේෂ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු , මේ වන විට ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකි .
පසුගිය දිනකදී ‘කුඩු චුටි‘නැමැත්තියට ඇගේ නිවස තුළදී වෙඩි තැබු සිද්ධියට මෙන්ම තවත් ඝාතන රැසක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ අරඹා තිබු බවද විශේෂ කාර්ය බළකායේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිගේ මරණ දඬුවම් ඇයි තාම පරක්කු?