(පාලිත ආරියවංශ)
බෝතල් කටුවකින් ඇන සිය පියා ඝාතනය කළේ යැයි සැකපිට ඔහුගේ පුතා අත්අඩංගුවට ගත් බව කහටරුප්ප පොලිසිය පවසයි.
මේ සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ , බදුල්ල කැන්දගොල්ල දඹගස්ගොඩ පදිංචිව සිටි 56 හැවිරිදි රෝහල් කම්කරුවෙකි .
අවුරුදුදා රාත්‍රී 7.00 ට පමණ මරණකරු බීමත්ව පැමිණ බිරිදට උදල්ලකින් පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ සැකකාර පුත්‍රයා එම උදළුපහර වලක්වා බෝතලයක් කඩා මරුණකරුට ඇන ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන්කළේය.
තුවාල කරු බදුල්ල මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු තත්වය අසාධ්‍ය නිසා මහ නුවර මහ රෝහලට මාරුකර යවා ඇති අතර එහිදි අද (15) දා ඔහු මියගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අපේ රටේ සමාජ ආචාරධර්ම බොහෝ පිරිහී ඇත. මේ නිසා දියුණු යැයි සම්මත බොහෝරටවලට වඩා ලංකාවේ මිනිසුන් පවේ ඇලීගැලී පව්කාර ජීවිත ගතකරයි. මා අසා ඇති දැකඇති පරිදි මා වෙසෙන ඉතාලියද ඇතුළු දියුණු යැයි සම්මත රටවල විවිධ ආගම් අදහන මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා කියවා තම ජීවිත ඔපවත් කර සතුට වැඩිකර ගනී. ඒ නිසා මේ රටවල් වලින් අපේ රටටත් ඒ උතුම් ධර්මය ගෙනැවිත් ප්‍රචලිත කිරීමෙන් සමාජය බොහෝදුරට හැඩගස්වා ගතහැකි බව මට පෙනේ...