(අංජුල මහික වීරරත්න)
බාප්පත් එක්ක එකතු වී රට හදන්නට බැරි වුණු නාමල් දැන් ජාතික සභාවේ සැලසුම් හදන්නට දැමීම රටට විහිළු සැපයීමක් බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
ජාතික සභාව ගැන විවේචනාත්මක අදහසක් සජබෙට තිබෙන බව කී රහුමාන් මහතා නිෂ්චිත කාලසීමාවක් සඳහා ආණ්ඩුව පොදු එකඟතාවයක් ඉදිරිපත් කරනවා නම් එවැනි වැඩපිළිවෙලකට තනතුරු නොලබා සහයෝගය දෙන්න හැකියාව තිබෙන බවද රහුමාන් මහතා කීය.
ජාතික සභාවේ දීර්ඝ කාලීන සහ කෙටි කාලීන විසඳුම් ඉදිරිපත් කරන්න නාමල් රාජපක්ෂ මහතා පත් කර ඇතැයි ද ඔහු හදන සැලසුම මොකද්දැයි මුජුබුර් රහුමාන් මහතා ප්‍රශ්න කළේය.
විපක්ෂයත් එකතු කරගෙන වැඩ කරනවා යැයි ජාත්‍යන්තරයට පෙන්වන්නට ආණ්ඩුවට උවමනා වී තිබෙන බවද ජාතික සභාව එවැනි ගුණ්ඩුවක් බවද මුජුබුර් රහුමාන් මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතැන ගිහිනුත් රණ්ඩු... ඔක්කොම මකබෑවියල්ලා...
ඔය හොරුන් දන්නේ එයාලගේ මහ උදවිය වගේ ජාතික ධනය හොරාකන්න විතරයි. ඔවුන්ගේ කාටවත් උගත්කමක් නැහැ. මී හරක් වගේ... හැබැයි හොරාකන්න නම් උත්පත්තියෙන්ම පිහිටලා. ගිය තැන හොරාකන එකයි කරන්නේ...
හොඳටම කොරපු අය ...!
රට හදන්ඩ බැරි උනාට, හොර පෙරකදෝරුවා මොනතරම් දේවල් දන්නවා කියලද? උපදෙස් ගන්ඩ,ආදර්සෙට ගන්ඩ කොයිතරම් දේවල් තියෙනවා ද?
එයා එකතු වුනේ බාප්පා සමග විතරයි. බාප්පා එක්ක එකතු වුණා කියලා රට හදන්න බැහැ. ඔහෙලාට ඇමැතිකම් දීලා අමාත්‍යංශ 43 දීලා රට හදනවා වෙනුවට කලේ මහ බැංකුව මංකොල්ල කාලා සල්ලි බෙදා ගත්ත එක නේද? හලෝ ජෙප්පන් වගේ අනුන්ගේ වැරදි කියන්න එපා. තමන් කරන විදිහ කියන්න.
Don’t criticize our Sinhalese Buddhist leaders.
ඔය බාප්පලත් එක වල්ලේ පොල්නේ. රටට මොනවාද මෙච්චර කල් කලේ ? හැමතැනම හාරපු බාප්පලාගේ පස්සෙන් ගිය කට්ටිය .....ලැජ්ජා නැතුව කම්පාදුවට .