(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
මහබැංකු බැදුම්කර වංචාව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සිංහල හා දමිළ පිටපත් සති දෙකක් ඇතුළත නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මෙම වංචාව සම්බන්ධයෙන් පසුගිය රජය සමයේ පැවැත්වීමට ගිය පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නොහැකි වූයේ ද වාර්තාවේ සිංහල හා දමිළ පිටපත් නොමැති බවට එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයක් නිසා බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.
අදාළ පිටපත් ඉදිරිපත් වීමෙන් පසුව බැඳුම්කර වංචාවට සම්බන්ධ අයට එරෙහි පියවර ගැනෙනු ඇතැයි ද මන්ත්‍රීවරයා කීවේය .ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැදුම් කරය විතරක් නොවේ තොරතුරු දන ගැනීමේ පනත යටතේ සියලුම භාෂාවන්ගෙන් සියලුම වංචා ගනුදෙනු දිය යුතුයි
මටත් පිටපතක් දෙන්න. පාද සටහන්කාරයින් පාදයේ සිට හමගහන්න...
අපරාදේ කොල ටිකට යන වියදම.
ඒ එක්කම පාර්ලිමේන්තුවට බසයෙන් ආපු අයගේ වත්කම් වාර්තාවල් ප්‍රසිද්ධ කෙරුවොත් ගොඩක් හොදයි ජනතාවට දැනගන්න.
ඔන්න සුපුරුදු බැඳුම්කර මන්තරේ මතුරන්න පටන්ගත්තා. කරුණාකර ඔබතුමන්ලාගේ කාලේ වැරදි අපරාධ සහිත මන්තර පොතත් මේ සමගම මතුරන්නකෝ. ඇයි ඒවා වැරදි හොරකම් නොවෙයිද ? පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව මේ ගෙනියන නෛතික නොවන රජය ගැනත් මොනවා හරි කියන්නකෝ. ඔබතුමන්ලාගේ ගෝල බාලයන්ට පාර්ලිමේන්තුවේ හැසිරෙන්න කියා දෙන්නකෝ. මොකද ඒවා පේන්නේ නැත්තේ. පාට කන්නාඩියෙන් බලන නිසා නේද ?
මහජන ඡන්දෙට ඉස්සෙල්ලා පිට කරන්න.
ඩලස් මහත්මයෝ මොන භාෂාවෙන් දුන්නත් ඕවා කියවන මිනිස්සු බොහොම අතලොස්සයි ඉන්නේ. මම කොමිෂන් සභාවේ සිදුවූ දේවල් මුල සිටම අනුගමනය කලා