IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


බැඳුම්කර පියවීම හොඳද? නරකද?

පි.එච්. ඕ. චන්ද්‍රවංශ, හිටපු විනිමය පාලක

ණය ගෙවීම සහ ණය ගෙවීම  පැහැර  හැරීම සම්බන්ධයෙන්‍ ඇති කතා බොහෝය. රටක් වශයෙන් ලබාගත් ණයක් ගේවීමෙන් සහ නොගෙවීමෙන් ඇතිවිය හැකි තත්ත්වය අවබෝධ කරගෙන සිටීම වැදගත්ය. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ඇසුරෙන් මේ කරුණු පැහැදිලි  කරගත හැකිය.

2022 ජනවාරි 18 වැනි දින ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර පියවීම සාමාන්‍ය ණය ගෙවීමක් (routine debt payment) ඒම ගෙවීම පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද 2022 අයවැයෙන් මුදල් වෙන් කරන ලද මුළු ණය සේවාකරණය වූ දළ වශයෙන් ඩොලර් මිලියන 7,100 ක විදේශ විනිමය ණය සේවා ගෙවීම් සහ රුපියල් බිලියන 3,000 ක දේශීය ණය සේවා ගෙවීම් වලින් කොටසක් වුණි. තවද, ප්‍රකාශිත තොරතුරුවලට අනුව, එම ඇ.ඩො මිලියන 500 මුදල ශ්‍රී ලංකා රජයේ (රජයේ) විදේශ විනිමය ණය-සේවාකරණයෙන් සියයට7ක් සහ 2022 මුළු ණය සේවාකරණයෙන් සියයට2.3ක් පමණ විය.

මුදල් නීති පනතේ 113 වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව එහි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හරහා රජයේ නියෝජිතයා ලෙස රාජ්‍ය ණය කළමනාකරණය සිදු කරයි. එබැවින්, රජයේ ණය ගැනීම සහ ණය ගෙවීම මහ බැංකුව සතු වගකීමක් නොවන අතර, එය රජය සතු වගකීමකි. රජයේ නියෝජිතයා ලෙස මහ බැංකුව රාජ්‍ය ණය කළමනාකරණය සම්බන්ධයෙන් රජයේ උපදෙස් හා මගපෙන්වීම මත ක්‍රියා කළ යුතුය. රජයේ කිසිදු ණයක් ගෙවීම හෝ නොගෙවීම සම්බන්ධයෙන් මහ බැංකුවට ඒකපාර්ශ්විකව තීරණය කළ නොහැක. ඒ සඳහා පාර්ලිමේන්තුව විසින් විශේෂයෙන් වෙන් කර ඇති අරමුදල්වලින් දේශීය හා විදේශීය ණය සේවා සඳහා අරමුදල් ලබා දෙනු ලබන්නේ ද රජය විසිනි.

එබැවින්, කිසිදු හේතුවක් නිසා රජය විසින් ණය ආපසු ගෙවීම පැහැර හැරීමට තීරණය කරනු ලබන්නේ නම්, එය රජය විසින් ගනු ලබන තීරණයක් විය යුතුය. රජය එසේ තීරණය කරන්නේ නම්, රජය විසින් මුදල් අමාත්‍යාංශය හරහා රජයේ ණය තොගයෙන් යම් කොටසක්  හෝ සියල්ල ආපසු නොගෙවන ලෙස මහ බැංකුවට සෘජු ලෙස උපදෙස් ලබා දිය යුතුය. එමෙන්ම, එවැනි බරපතළ සහ වැදගත් තීරණයක් ගන්නේ නම්, ඒලෙස ණය පැහැර හැරීමකින් පසුව ඇතිවන ප්‍රතිවිපාකවල වගකීම ද පැහැදිලිවම රජය භාරගත යුතුය.

ඉහත ස්ථාවරය පැහැදිලිවම සහ ප්‍රායෝගිකව තහවුරුකරමින්, 2022 අප්‍රේල් 12 වැනි දින නව “අන්තර්කාලීන බාහිර රාජ්‍ය ණය සේවා ප්‍රතිපත්තිය” මුදල් අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරන ලදී. එම නව ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරීම හරහා, රජය විසින් එදින දක්වා පියවීමට නියමිතව තිබූ සියලු‍ම විදේශ විනිමය ණය ආපසු ගෙවීම් වහා නතර කර අවසානයේ ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර තිබුණි. එම නිවේදනයේ මෙසේ සඳහන් විය: ”‍එබැවින් බලපෑමට ලක් වූ සියලු‍ම ණය සඳහා සාමාන්‍ය ණය සේවා සැපයීම (පහත අර්ථ දක්වා ඇති පරිදි) අත්හිටුවීම ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය වනු ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සහය දක්වනු ලබන ආර්ථික ගැළපුම් කටයුතුවලට අනුකූල වන පරිදි තාවකාලික කාලයක් සඳහා එම ණය ක්‍රමානුකූලව සහ එකඟතාවෙන් ප්‍රතිව්‍යුහගත කෙරේ. මෙම ලියවිල්ලේ සාකච්ඡා කර ඇති පරිදි රජයේ ප්‍රතිපත්තිය 2022 අප්‍රේල් 12 දින වන විට ගෙවීමට තිබූ ණය “බලපෑමට ලක් වූ ණය”ලෙස හඳුන්වනු ලබන අතර, මෙම ප්‍රතිපත්තිය එවන් ණය සදහා අදාළ වනු ඇත. එම දිනයෙන් පසු නව ණය පහසුකම් සහ පවතින ණය පහසුකම් යටතේ ලබා දෙන ඕනෑම මුදලක්, මෙම ප්‍රතිපත්තියට යටත් නොවන අතර සාමාන්‍යය සේවකරණයට යටත් වනු ඇත. Daily FTවිසින් වාර්තා කරනු ලැබූ සම්පූර්ණ ප්‍රකාශය: https//www.ft.lk/topstory/Sir-Lanka-declares-bankruptcy/26-733409 එබැවින් 2022 අප්‍රේල් 12 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ණය පැහැර හැරීමේ ඉහත තීරණය රජය විසින් ගනු ලබන ලද දිනය දක්වා වන සියලු‍ම රජයේ ණය ආපසු ගෙවීම් පියවීමට නිසි පියවර ගැනීම ණය ගැනුම්කරු (එනම්, රජය) සහ රජයේ නියෝජිතයා (එනම්, මහ බැංකුව) බැඳී සිටි බව පැහැදිලි විය යුතුය.

මීට අමතරව, 2021 දෙසැම්බර් 10 වැනි දින අයවැය විවාදය අවසන් කරමින් (හැන්සාඩ් පිටුව 2830 වාර්තා කර ඇති පරිදි) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද මෙම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ආපසු ගෙවීම පිළිබඳව පාර්ලිමේන්තුවේ දී පැහැදිලිව සහතිකයක් ලබා දෙන ලදී. “ඇත්තටම අපි විශාල මුදල් අර්බුදයකට මුහුණ දීලා සිටිනවා. ඒ වාගේම මම පිළිගන්නවා විදේශ සංචිතය සම්බන්ධයෙනුත් අපි බැරෑරුම් තත්ත්වයක ඉන්න බව. මුදල් ඇමතිවරයා හැටියට මම මේ උත්තරීතර සභාවේදී ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් අවසරය පරිදි පැහැදිලිව කියනවා, අපට ගෙවන්න තිබෙන සෑම ඩොලර් ඒකක්ම ලබන අවුරුදේ අනිවාර්යයෙන්ම අපි ගෙවන බව (ඝෝෂා කිරීම්) මම ඒක සහතික කරනවා. මම ඒ සහතිකය දෙන්නේ වගකීමකින්. පළමුවෙන්ම අපට ජනවාරි මාසයේ මිලියන 500 ක් ගෙවන්න තියනවා. ඊළඟට ජූලි මාසයේ ඩොලර් මිලියන 1000 ක් ගෙවන්න තිබෙනවා. ඒ අතර මැද අපට තව ගෙවන්න තියෙනවා. අපි ගත්ත ප්‍රාග්ධන ගෙවීම් ප්‍රමාණයකුත්, ඒ වාගේම ණය සේවාකරණයට පොලී ප්‍රමාණයකුත් අපට ගෙවන්න තිබෙනවා. ඒ සියල්ලම අපි ගෙවන බවට මෙම උත්තරීතර සභාවේ දී මා කියා සිටිනවා. අපට ඒ පිළිබඳව තිබෙන සැලැස්ම අපි පැහැදිලිවම දැනගෙන තිබෙනවා. අපි ඒ සැලැස්ම ක්‍රියාත්මක කරනවා.”

සෑම දෙනාම දන්නා පරිදි, ස්වෛරී විදේශ විනිමය ණය ආපසු නොගෙවුවහොත්, රටේ විශ්වසනීයත්වය කඩා වැටෙනු ඇත. රටේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළනු ඇත. සෘජු විදේශ ආයෝජන සහ විදේශ විනිමය ණය ලබා ගැනීම ප්‍රමාද වනු ඇත. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළවල් සඳහා වන ප්‍රවේශය වසර ගණනාවකට රටට අහිමි විය හැකිය. දේශීය බැංකුවලට ණයවර ලිපි විවෘත කිරීම සහ විදේශ විනිමය ගනුදෙනු සිදු කිරීම අසීරු වනු ඇත. ජාත්‍යන්තර ණය දෙන්නන් විසින් දේශීය බැංකුවල විදේශ විනිමය අරමුදල් සීමා කරනු ඇත. බොහෝ විදේශ විනිමය අරමුදල් හරහා ඉදි කෙරෙන යටිතල පහසුකම් ව්‍යාපෘති නතර වනු ඇත. සමහර විදේශ විනිමය ණයහිමියන් තමන්ගේ හිඟ මුදල් අයකර ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත. ඒ හරහා රජයට විශාල වශයෙන් නඩු ගාස්තු වියදම් දැරීමට සිදුවනු ඇත. ඇතැම් ණය හිමියන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉල්ලා සිටිනු ඇත. ඔවුන් එසේ කළහොත් බරපතළ සමාජ-ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවේ. කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර සහ ව්‍යවසායකයන් දහස් ගණනකගේ ව්‍යාපාර කඩා වැටීමේ අවදානමක් මතුවීම වැළැක්විය නොහැක. සිය දහස් ගණනකගේ ජීවනෝපාය අනතුරේ වැටෙනු ඇත. උද්ධමනය පොලී අනුපාත තියුණු ලෙස ඉහළ යනු ඇත. මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම (මුදල් මුද්‍රණය කිරීම) සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට සිදුවන බවද කිව යුතුය. දේශීය මුදල් ඒකකයේ අගය බාල්දු වනු ඇත. වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම් ඇතුළුව රජයේ දේශීය මුදල් ගෙවීම් ප්‍රමාද වීමට ඇති ඉඩකඩ වැඩිවෙයි.

එබැවින් ස්වෛරී ණය පැහැර හැරීම බරපතළ ප්‍රතිවිපාක සහිත ඉතා සංකීර්ණ කාරණයක් බව පිළිගත යුතුය. රටේ ස්වෛරී ණය පියවීම හෝ නොපියවීම හෝ එහි නිශ්චිත කොටසක් හෝ පියවීම තනි පුද්ගලයකුට හෝ මහ බැංකුවට අත්තනෝමතික ලෙස තීරණය කළ හැකි කාරණයක් නොවන බව ද වටහා ගත යුතුය.

පසුබිම එසේ වුවද, 2022 ජනවාරි 18 වැනි දින කල්පිරුණු ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර පියවීම, විවිධ ඊනියා ”‍විශේෂඥයන්”‍ ගේ උපදෙස් නොසලකා කරන ලද්දක් ලෙසද, ඒ මගින් නිශ්චිතව දක්වා නොමැති ඇතැම් ආයෝජකයන්ට අනවශ්‍ය ලාභ ලැබීමට ඉඩ සැලසුනු උත්සාහයක් ලෙසද, නැගෙන චෝදනා අසන්නට ලැබේ. එමෙන්ම එවකට මහබැංකු අධිපතිවරයාගේ අභිමතය පරිදි  මෙය කරන ලද්දක් බවට ද විවිධ පුද්ගලයන් සහ ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කළහ.

ශ්‍රී ලංකා රජය 2022 ජනවාරි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය පැහැර හැරිය හැකි යැයි මුලින් රට තුළ ආන්දෝලනයක් පැතිරෙමින් තිබූ විට, තමන් විශේෂඥයන් යයි පවසා ගන්නා ලද ඇතැම් හු, ණය පැහැර හැරීමේ බරපතළ ප්‍රතිවිපාක ගැන දිනපතාම අනතුරු ඇඟ වූහ.

එහෙත්, ඊට සති කීපයකට පසුව රජය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර පියවීමට අරමුදල් එක්රැස් කරගෙන ඇති බව පැවසූ විට, එම පුද්ගලයෝම රජය ස්වෛරී ණය පැහැර හැරිය යුතු යැයි දැඩි ලෙස මොර දුන්හ. ණය පැහැර හැරීම සඳහා ඔවුන්ගේ නව “උපදෙස්” රජය විසින් සැලකිල්ලට නොගත් විට, ඒසේ නොකිරීම එවකට මහබැංකු අධිපතිවරයා කළ බරපතළ වරදක් ලෙස උපුටා දැක්වීමට ඔවුහු ක්‍රියා කළහ.

එම සන්දර්භය තුළ, සැලකිය යුතු තවත් කරුණක් නම්, 2016 ජූලි 11 දිනැති ඇ.ඩො මිලියන 500 ක ජාත්‍යන්තර සෛරී බැඳුම්කර පිරිනැමීමේ චක්‍රලේඛයට (offering circular) අනුව, එම බැඳුම්කරයේ සියලු‍ම ආයෝජකයන්ට ශ්‍රී ලංකා රජය සහතික කර තිබුණේ, “බැඳුම්කරවල මුදල හා පොලී නියමිත වේලාවට ගෙවීමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පූර්ණ විශ්වාසය ලබා දෙන බව සහ ප්‍රතිඥා දෙන බවයි’’.

මෙම තත්ත්වය පිළිබඳව ඊනියා විශේෂඥයන් ඉතා හොඳින් දැන සිටි බැවින්, එම පුද්ගලයන්ගෙන් සමහරකුගේ විශ්වාසවන්තභාවය ද මෙහිදී ප්‍රශ්න කිරීමට සිදු වනු ඇත. තවද ජාත්‍යන්තර ණය හිමියන් සමඟ ඇති බොහෝ ණය ගිවිසුම්වල බරපතළ “හරස් පැහැර හැරීම්” (cross default) වගන්ති ඇති බැවින්, විශේෂිත ස්වෛරී ණයවල තෝරාගත් පැහැර හැරීම් ඇති කළ නොහැකි බව ද එම පුද්ගලයන් හොඳින් දැන සිටින්නටත් ඇත.

කෙසේ වෙතත්, අදාළ කාල වකවානුවේදී (එනම් 2022 ජනවාරි), රජයේ නිල ප්‍රතිපත්තිය වූයේ, රජයේ ස්වෛරී ණය ගෙවීම වූ අතර, මුදල් අමාත්‍යංශය සහ (නියෝජිතයා ලෙස) මහ බැංකුව නිදහසින් පසු එම ප්‍රතිපත්තිය විශ්වාසවන්තව හා උනන්දුවෙන් අනුගමනය කර තිබූ ප්‍රතිපත්තියකි. 2022 ජනවාරි 18 වැනි දින, ඇතැම් පුද්ගලයන් සහ දේශපාලනඥයන් විසින් බලපෑම් කරන ලද පරිදි, මහ බැංකුවේ අධිපතිවරයාට සහ මුදල් මණ්ඩලයට එවැනි ගැඹුරට මුල් බැසගත් ප්‍රතිපත්තියක් ඒකපාර්ශ්විකව අවලංගු කළ නොහැකිය. එය නොකළ යුතු බව ද අමුතුවෙන් කිව යුතු නැත. එබැවින්, ණය ගැනුම්කරු වන රජයේ විධිමත් මඟ පෙන්වීමක් හෝ නිල තීරණයක් නොමැතිව, වගකිව යුතු රාජ්‍යය නිලධාරීන් ලෙස එවැනි නිල-නොවන බලපෑම් හෝ උපදෙස් මත කිසිවිටෙක ක්‍රියා නොකර එම පුද්ගලයන්ගේ සහ දේශපාලකයන්ගේ අයාචිත උපදෙස්වලට එවකට අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය සවන් නොදීම මහත් යහපතකි.

ඇත්ත වශයෙන්ම, රජයේ ණය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකරමින්, එවකට මහබැංකු අධිපති සහ මුදල් මණ්ඩලය, කිසියම් හේතුවක් නිසා, 2022 ජනවාරි මාසයේ දී ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර ගෙවීම පැහැර හැර තිබුණේ නම්, අද කෑ ගසමින් මහබැංකු හිටපු අධිපතිවරුන්ගේ වැරදි සොයන පුද්ගලයන්ම රජය විසින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නොගෙවීම වෙනුවෙන්, දොස් පවරනු නොඅනුමානය. එපමණක් නොව, සාමාන්‍යයෙන් ස්වෛරී ණය පැහැර හැරීමෙන් පසු ඇතිවන විපත්තිදායක ප්‍රතිඵල සඳහා ද එම අධිපතිවරුම පෞද්ගලිකවම වගකිව යුතු යැයි තර්ක කරන්නටත්, ඔවුන් කටයුතු කරන්නට ඉඩ ඇත. ඒ අනුව, වර්තමාන අධිපතිවරයාට පෙර සේවය කළ මහබැංකු අධිපතිවරුන් සහ අදාළ මහ බැංකුවේ කාර්ය මණ්ඩලය රජයේ ප්‍රතිපත්ති වගකීමෙන් අනුගමනය කරමින්, දැඩි පීඩාකාරී කාල පරිච්ඡේදයක් තුළ වුවද, විදේශ විනිමය ණය ආපසු ගෙවීම සඳහා රජයට සහ මුදල් අමාත්‍යාංශයට ලබා දුන් සහාය සම්බන්ධයෙන් පැසසීමට ලක් කළ යුතුය. එමෙන්ම, ඔවුන්ගේ ඒම ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකා ආර්ථිකයට ආපසු හැරවිය නොහැකි, ස්ථිර හා ව්‍යසනකාරී හානියක් සිදුවීම වළක්වා ගැනීම පිළිබඳව ඔවුන් කළ සේවය ද අගය කළ යුතුය.

595



අදහස් (0)

බැඳුම්කර පියවීම හොඳද? නරකද?

ඔබේ අදහස් එවන්න

දියත

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 65 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 20 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 7 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 332 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 340 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 519 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site