
"බිඳුණු මාතෘ භූමියක් ගොඩනැගීමට විසඳුම" යන තේමාව යටතේ ජාතික ජන බලවේගයේ ජාතික නියෝජිත සමුළුව ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, විධායක සභිකයින් වන ලාල් විජේනායක, වෛද්‍ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තුව ජ.වි.පෙ. තමයි දැන්... අතීතය ගැන කියව කියවා ඉන්න එකේ තේරුමක් නැහැනේ... මොකෝ ඔය අතීතයේ හිටපු අය කිසිම දෙයක් කරේත් නැහැනේ...
අවංකවම හදවතින්ම සුබ පතනවා...
සිංහලයින් මෝඩ කිරීමේ අලුත් මාතෘකාව" බිඳුණු මාතෘ භූමියක් ගොඩනැගීමට විසඳුම" ඔය මොන මගුල කරත් කරගන්නවා.. සිවුරු ඇඳපු කට්ටියව ගාව ගන්නේ නැතුව... ආගම වෙනයි දේශපාලණය වෙනයි. බුද්ධ ධර්මය ප්‍රචණ්ඩත්වයට සහ හෑල්ලුවට ලක්වෙන්නේ මෙවන් අය හැම මගුලකටම රිංගන නිසයි...
නිදහස ලැබුණු දා ඉඳලා පත්වුණු නායකයින් රට, ආගම, ජාතිය පෙරට දාලා කාලෙම බොරු කියන එකම තමයි.. යහපත් හෝ අවංක චේතනාවක් ගෑවිලාවත් නෑ. පත්වුණු ගමන් තම බලය සහ පක්ෂයේ බලය තහවුරු කරන්න. තම ප්‍රතිරූපය ඉහළ දමන්න, පවුලේ අයගේ සෞඛ්‍ය විහරණයට ප්‍රමුඛතාවය දුන්නා මිස රට කෘෂිකාර්මිකව හා කාර්මිකව දියුණු කරන්න හිතුවේ නැහැ... මොනතරම් සම්පත් තිබුණත්..
දේශයේ බිඳ වැටීමට ජවිපෙත් බරපතල ලෙස වගකිව යුතුයි
ලස්සන මාතෘකා , ලස්සන කතා. ක්‍රියාවන් සහ අරමුණු සමඟ නොසැසඳෙන එකයි අරුමය .
සුභ පැතුම් .ආණ්ඩුවේ හොරුන් පලවා හරිමු
ජේ.වී.පී මිස වෙනත් පිළිසරණක් දැන් නැත
හැදීගෙන ආව මාතෘ භුමිය 1971-1989 කාලේ විනාසකල කව්ද? ජෙප්පොම තමයි. දැන් හදන්නේ කොහොමද?