(අංජුල මහික වීරරත්න)
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා බස් රථ, වෑන් රථ, ගලි බවුසර් සහ ට්‍රැක්ටර් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ විවිධ අධිකරණ විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබන සැකකරුවන් සහ දඬුවම් පමුණුවනු ලබන විත්තිකරුවන් සම්බන්ධයෙන් අධිකරණ සමඟ සෘජුව සම්බන්ධ වෙමින් රාජකාරි ඉටු කිරීමේදී සහ එකී රැඳවියන්ගේ සුඛ සාධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අදාළ රාජකාරි කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වාහන පහසුකම් සපයා ගැනීමේ අවශ්‍යතාව මතුව තිබේ.
ඒ අනුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා ආසන 44 බස් රථ 30ක්, ආසන 30 බස්රථ 10ක්, වෑන් රථ 10 ක්, ගලි බවුසර් 05ක් සහ ට්‍රැක්ටර් 03 ක් මිල දී ගැනීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය යටතේ ලංසු කැඳවනු ලැබ ඇත.
ඒ සඳහා ලංසුකරුවන් 8 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා වාහන මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය පහත සඳහන් පරිදි පිරිනැමීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
796
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බන්ධනාගාරෙට වාහන 58ක්
Kapila Tuesday, 11 November 2025 04:22 PM
අනේ අර නිල්පාට බස් එක වෙනුවට A/C සහිත සුඛෝපභෝගී බස් එකක් යොදවන්න. මෙතක් කල් නිල් පාට බස් එකේ ගියේ නිර්ප්‍රභූයි. ඉදිරියට යන්න ඉන්නේ ප්‍රභූ අය. ඒ නිසයි මෙම යෝජනාව ගෙන ආවේ...