(නිමන්ති රණසිංහ)
බන්ධනාගාර බස් රථයකින් කොළඹ ප්‍රධාන මහේස්ත‍්‍රාත් භූමියට රැගෙන ආ සැකකරුවෙකු අද (12) බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇත.
මෙලෙස පලා ගොස් ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සැකකරුවකු වූ මොහොමඩ් රාෆික් මොහොමඩ් රම්සි නැමැති පුද්ගලයෙකි.
බොරැල්ලේ සීවලි පටුමගේ පදිංචි මෙම සැකකරුg එරෙහිව බොරැල්ල පොලිසිය විසින් රන් මුදුවක් කොල්ලකෑමට අදාලව ඉකුත් සිකුරාදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දින දක්වා රක්ෂිත බාරයට පත්කර තිබේ.
බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අනෙකුත් සැකකරුවන් සමඟ අත් විලංගු ලා අධිකරණය වෙත රැගෙන එමින් සිටියදී අධිකරණ භූමියට පැමිණ ඇති මෙම සැකකරු අත් විලංගු ගලවා දමා නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විලංගුවේ වරදක් තියෙන්න ඇති නේද?