(නිමල කොඩිතුවක්කු)
යාපනය බන්ධනාගාර නියාමකයකු හෙරොයින් ග්‍රෑම් 45 ක් සමග අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
යුද හමුදා බුද්ධි අංශයෙන් ලබාගත් තොරතුරක් මත යාපනය මාටින් වීදියේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කාලයක සිට සිය නිල ඇඳුමට මුවා වී මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර බන්ධනාගාර බුද්ධි අංශය ද සැකකරු පිළිබඳ විමර්ශන කරමින් සිට ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.
සැකකරු සතුව තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වෙළඳපළ වටිනාකම තුන් ලක්ෂ හැට දහසක් පමණ වන බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd