සියලුම බන්ධනාගාර සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබා දීමේ වැඩසටහන යටතේ තවත් බන්ධනාගාර තුනකට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා දීමට කටයුතු කර ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
මෙහි පළමු අදියර වශයෙන් මේ වන විට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ආරක්ෂාව ලබා දී ඇති අතර අද (25) සහ හෙට (26) දිනයන්හිදී තවත් බන්ධනාගාර තුනක පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා දීමට කටයුතු කර ඇතැයි අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මහර, වැලිකඩ හා කොළඹ රිමාන්ඩ් යන බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර තිබේ.
එම බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සහ පිටතින් පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු ඔවුන් විසින් සිදු කරනු ලබන අතර සෙසු බන්ධනාගාර සඳහා ද පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යංශය සඳහන් කළේය.
කෙසේ නමුත් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටින පොලිස් විශේෂ බලකා නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලමින් රැඳවියෝ උද්ඝෝෂණයක්ද කළහ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතා කාලෝචිතයි, බන්ධනාගාර ජේලර්වරුන් කුඩු පැකට් කරන තැන්වල දී හමුවන නිසා.
ඉතාම හොද තීරණයක් පිටතින් පැමිණෙන පුද්ගලයන් පමණක් නොව බන්ධනාගාර නිලධාරීන්ද පරීක්ෂාවට ලක්කළ යුතුයි.... මත්ද්‍රව්‍ය සඳහා පිවිසීමේ දොරටුවේ ඒ සදහා පුහුණු සුනඛයන් යොදවා පරීක්ෂා කල යුතුය ගෙන එන අාහාරමය ද්‍රව්‍ය ස්කෑනරයක් හරහා පරීක්ෂාවට ලක් කල යුතුය බන්දනාගාරවල වල මත් ද්‍රව්‍ය ලබාදීම එම ආයතනවල සමහර නිලධාරීන්ම සිදු කරයි මොනම ආකාරයේ බලපෑම් හෝ බලවේග පැමිණියත් මේ තීරණය අඛණ්ඩව පත්වගන යාමට ජනපතිතුමා කටයුතු කල යුතුය...........