
(ගයාන් සූරියආරච්චි)
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
එම ගැටුමෙන් මේවන විට 27 දෙනකු මියගොස් ඇති අතර බන්ධානාගාර නිලධාරීන් 7 දෙනෙක් සහ රැදවියෝ 20 දෙනෙක් ඒ අතර වෙති.
එම ගැටුමෙන් තුවාල ලැබූ 53 දෙනකු රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.
පසුගිය 05 වන දින මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට විරෝධය දක්වන පිරිසක් අතර කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබුණි.
එහිදී දෙපාර්ශ්වයේ ම රැඳවියන් තුවාල ලැබූ අතර ඉන් රැඳවියන් 2දෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd