
(අංජුල මහික වීරරත්න)
මීගමු බන්ධනාගාරයේ සිද්ධිය ශ්‍රී ලංකා නීතිය හා ජාත්‍යන්තර නීතිය යටතේ ඉතාමත් උග්‍ර අපරාධයක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය හමුවකදී අද (7) පැවසීය.
බන්ධනාගාර ඇමතිවරයා වහා තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවද පීරිස් මහතා කීය. කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජී.එල්.පීරිස් මහතා මෙසේද පැවැසීය.
මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය ඉතාමත් බරපතළ තත්ත්වයක්. ඊයේ රෑ වනවිට මරණ 26ක් වාර්තා වුණා. ඒ 26න් හතක්ම රජයේ නිලධාරීන්. ඒ කියන්නේ, බන්ධනාගාරයේ නියාමක නිලධාරීන්.
මෙය ශ්‍රී ලංකා නීතිය හා ජාත්‍යන්තර නීතිය යටතේ ඉතාමත් උග්‍ර අපරාධයක්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය අමු අමුවේ උල්ලංඝනය වෙලා තිබෙනවා. ජාත්‍යන්තර නීතියේ ශ්‍රී ලංකාව අත්සන් කරලා තිබෙන, වගකීම භාරගන්න ජාත්‍යන්තර සම්මුති හතරකට මේ සිද්ධිය සම්පූර්ණයෙන් පටහැනියි.
ජාත්‍යන්තර නීතිය, ඒ තලයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, රැඳවියන්ට සැලකීම පිළිබඳ අවම නීතී ප්‍රමිතිය, ඒක හඳුන්වා දෙන්නේ නෙල්සන් මැන්ඩෙලා නීතිය හැටියට, වධහිංසා හා කෘර ලෙස සැලකීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය. මේ සියල්ලක්ම අමු අමුවේ උල්ලංඝනය වෙලා තිබෙනවා යනුවෙන් ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි. ඒකාලේ අර හෙලිකොප්ටරෙන් ගිහින් බදාගත්ත වෙලාවේ කලාවගේ බෙදා හලෝ?
රෙදි ඇඳගෙන , නියපොතු කකා ඉන්නේ ,මොකක් හරි ප්‍රශනයක් වුන ගමන් මේ වගේ ටෝක් එකක් දෙන්න. මේ කාලකන්නි පාලනය කරපු කාලවල් අතමයි රටේ පාතාලය මේ තරම් වර්ධනය වෙලා, අපේ දරුවෙකුටවත් පාරේ යන්න බැරි තත්වෙට පත් වුනු. ඩීල් දාස ගේ කප්පන් කේ එකේ , කසාය බීපු ගොළුවෝ වගේ ඉඳල , දැන් ඇවිත් සෙන්ට් පවුඩර් ගාල පොර ටෝක් දෙන්න . රටත් කාල, අපේ අනාගතෙත් කාල, අපේ දරුවන් ගේත් කාල, අපිට වෙන රටකට යනවද නැතිද කියල හිතන තැනකට තල්ලු පරපු කාලකන්නි
එතකොට ඔවැනිම සිද්ධියක් සිදුවුන පසුගිය සමයේ ලොහාන් රත්වත්තේ බණ්ධනාගාර ඇමති වශයෙන් සිට් ලොහාන් රත්වත්තේ ඇමති කමෙන් ඉල්ලා අස්වුනාද. පුදුමයි ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න නොකීවේ ඇයි කියල.