(නිමන්ති රණසිංහ)
රිමාන්ඩ් බාරයේ සිටින නාකොටික් නිලධාරීන් හා ඊට අදාල වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට අද (12) නියෝග කළේය.
රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් සම්බන්ධයෙන් වගකීම සතුවන්නේ තමන්ට බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාරයට බාර දෙන්නේ තාවකාලිකව බවත් මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සදහන් කළේය.
ඒ අනුව එම සැකකරුවන්ට සිදුව ඇත්තේ කුමක්දැයි බන්ධනාගාරය අධිකරණයට වාර්තා කළ යුතුව ඇති බැවින් එසේ නොකළේ මන්දැයි ඉදිරි නඩුදිනයේදී අධිකරණයේ පෙනී සිටිමින් නිදහසට කාරණා ඉදිරිපත් කරන ලෙසත් මෙහිදි බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.
සැකකාර නාකොටික් නිලධාරීන් විසින් වැටලීම්වලින් භාරයට ගනු ලැබූ හෙරොයින්, ඡාවාරම්කරුවන් වෙත විකුණූ බව කියන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය අද (12) යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු තරමින් කොන්ද පන ඇති අපක්ශපාතී එක විනිසුරු උතුමෙක් හෝ සිටීම සැබෑ වසනාවක් නොවේද?