(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
තමා සභාවේ නොමැති මොහොතක උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා තමාගේ චරිතයට අපහාස වන ආකාරයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විභාගයක් පවත්වා අවශ්‍ය තීරණ ගැනීමට වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන්නැයි ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (07) ඉල්ලීමක් කළේය.
ප්‍රේමරත්න මහතා සිතාමතා ඕනෑකමින් ඉතා ඉහළ වෛරයෙන්, ක්‍රෝධයකින් හා ද්වේශ සහගතව අමූලික අසත්‍ය ප්‍රචාරය කරමින් පැවැත්වූ කතාවෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 91 උ වගන්තිය නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කර ඇති බවද ගුණවර්ධන මහතා කියා සිටියේය.
ඇමැතිවරයා එහිදී මෙසේද පැවසීය.
මම පසුගිය රජය සමයේදී ප්‍රකට කලාකරු රිචඩ් ද සොයිසා ඝාතනය හා සම්බන්ධිත සිනමා නිර්මාණයකට උත්සාහ දැරූ නමුත් එය අතරමග නවතා දැමීමට සිදුවිය. ඊට පසු මාගේ පූර්ණ පුරාණ ශිෂ්‍යයකු සම්මානිත කලාකරුවකුවන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සිනමා අධ්‍යක්ෂණයට කැඳවා ගනිමින් ද නිව්ස් පේපර්ස් චිත්‍රපටිය නිෂ්පාදනය කළ අතර එකී සිනමා නිර්මාණය සඳහා ඇමරිකාව එංගලන්තය ඉන්දියාව රුසියාව වැනි රටවල පැවැත්වූ අන්තර්ජාතික සිනමා උළෙලවලදී සම්මාන රැසක් දිනා ගනිමින් රටට විශාල ගෞරවයක් හා කීර්තියක් පමණක් නොව ඉතා කුඩා වුවද ඩොලර් ත්‍යාගයක් ද උපයා ගැනීමට හැකි විය. සිනමාවට වැඩිම නාට්‍යකරුවන් පිරිසක් සිනමා අධ්‍යක්ෂකවරු වශයෙන් පත්කිරීමට අනූපමය දායකත්වයක් දැක්වූ නිරවුද අවිහිංසක ශ්‍රී ලාංකික පුරවැසියකු වන මට මෙම සභාව නියෝජනය කරන නවක මන්ත්‍රීවරයකු වන උද්දික ප්‍රේමරත්න මහතා විසින් මා පාර්ලිමේන්තුවේ රැඳී නොසිටි අවස්ථාවක සැප්තැම්බර් විසි දෙවැනි දින මෙම සභාව අමතමින් සිතාමතා ඕනෑකමින් ඉතා ඉහළ වෛරයකින් ක්‍රෝධයකින් හා ද්වේශ සහගතව අමූලික අසත්‍ය අපහාසාත්මකව අගෞරවනීය අයුතු ආරෝපිත චෝදනා රැසක් නගමින් පැවැත්වූ කතාවෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 91 උ වගන්තිය නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කර ඇති බැවින් අනාගත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පූර්වාදර්ශයක් වන අයුරින් විභාගයක් පවත්වා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට මෙම අපහාසාත්මක ප්‍රකාශනය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට කාරුණික වන ලෙස මෙයින් ඉල්ලා සිටිනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුලට අපහාස වෙන්න චරිතයක් තියෙනවාද?
වැඩේමයි. අපි මෙයාලට විරුද්ධව පරීක්ෂණ තියන්න ඕනෑ. අපිට බොරු පොරොන්දු දීලා නාකි වෙනකන් දියවන්නාවේ ඉඳලා රට කාබාසිනියා කළාට...
පාර්ලිමේන්තුවේ ඉන්නේ ස්ථාවර නියෝගවලටම වැඩකරන අය කියලා හිතාගෙන ඇති දූෂිත දේශපාලුවන් ගැන කවර කතාද? ආර්ථික ඔස්තාර් ගැනත් දන්නෝ දනිති. උද්දික මහතා දක්ෂ රංගන වේදියෙක්, ඔහු කතා කෙරුවේ කලාකරුවන් වෙනුවෙන්...!
අනේ පවු.., සුදුළූණු කාලා ඇතිවෙලා අර දුප්පත් කලාකරුවන් දෙන්නගේ සම්මානේ වැඩම්මවාගෙන එන්න ගිය හැටි අපි දැක්කනේ. මෙයා එකම නිෂ්පාදක නම් තව කමක් නැහැ. සම නිෂ්පාදක... එතකොට අනිත් නිෂ්පාදකටත් ඒ අයිතියත් තියෙන්න එපැයි. නිකන් යන්න කෙබර කියන්නේ නැතිව...
අපි ඔබතුමා ගැන දන්නේ හුඟක්කල් ඉඳලා... බොරු පම්පෝරි ගගහ ජනතාව ගොනාට අන්දලා හැමදාම බලයේ ඉන්න හදන බලලෝභියෙක්...
අපි හැමෝම බන්දුල ගුණවර්ධන ගැන විතරක් වැරැදියි කියකියා ඉඳලා වැඩක් නෑ. උද්දික ප්‍රේමරත්න මොකද බන්දුල නැති තැන ඔය ප්‍රකාශය කරේ...? කොන්ද පණ මදිද කෙලින් මුහුණට ඉන්න තැන කතා කරන්න බැරි? අනික, ඔය කතාව පාර්ලිමේන්තුවේ කියන්න හේතුවක් තිබුණාද? බන්දුල ගුණවර්ධන බැරි නම් වෙන කවුරු නිෂ්පාදනය කරත්, සම්මානය දෙන බව කලින් කියලා තිබුණේ නෑ නේද? චිත්‍රපටි නිෂ්පාදකයෙකු හෝ වෙන කෙනෙකුට ඔහොම තැනකට යන්න බැරිද? අනික් නිෂ්පාදකයින් දෙන්නා හෝ නළුවන් දෙන්නා හෝ මේ ගැන කියන්නේ මොකක්ද? ඔවුන් උද්දිකව අනුමත කරනවද? උද්දික චිත්‍රපට නිෂ්පාදනය කියන මේ මොහොතේ ඉතා අවදානම් කාර්යයට මුදල් යෙදවීම කරනවද? නැත්නම් ඉන්න ටික දෙනාවත් අධෛර්යය කරනවාද?
අනේ බන්දුල ඔයා ගිය මොක් පුර, ඔයවා සල්ලි හම්බකරන ටියුෂන් ගුරුවරයෙක්... මම ගෝලයෙක් වුණත් 50ට 500යක් වැරැදි කාරයෙක්...
අවුරුදු දෙකක් ඔබලා ඔය බොරු කරපල්ලා... බොරුවට බැනගනිල්ලා... අපිත් රැවටුණා වගේ ඉන්නම්... හැලිය රත් වෙනකන්. දැං රැවටෙන මිනිස්සු නෑ... ලොක්කන්ගේ ඉඳන් සොක්කා වෙනකං හිරේ තමයි ඊට පස්සේ...!