
(අංජුල මහික වීරරත්න)
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JAICA) එක්ව සංවිධානය කළ ජපන් රැකියා පොළ ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙහිදී නිවැරදි මාර්ගයෙන් ජපන් රැකියාවක් සඳහා යොමුවන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කළ අතර, ඊට අමතරව ශ්‍රී ලාංකිකයින්ට අයැදුම් කළ හැකි ජපන් රැකියා ක්ෂේත්‍ර, ඊට අවශ්‍ය මූලික සුදුසුකම් පිළිබඳව දැනුවත් කෙරිණි.
ජපන් භාෂාව හදාරා මෙම රැකියා සඳහා යොමුවන ලෙස කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් ප්‍රකාශ කළේය.
එසේම ජපන් භාෂාව අඛණ්ඩව හදාරා නොතිබීම හේතුවෙන් එරටින් ශ්‍රි ලාංකිකයින්ට හිමිවන රැකියා සඳහා අයැදුම් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා JAICA ආයතනය, IM Japan ආයතනය ඇතුළු ජපන් රැකියා ඇණවුම් ලැබී ඇති බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන රැසක් හා ජපන් භාෂා පුහුණු පාසල් කිහිපයක්ද සහභාගී වූ අතර, තරුණ තරුණියෝ විශාල පිරිසක්ද මේ සඳහා එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බදුල්ලට ජපන් රැකියා පොළක්