(ඇල්ල ප්‍රසාද් රුක්මල්)

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් 15ක් ඇතුලු රෝහල් සෞඛ්‍ය කාර්ය මංඩලයේ 55කට කෝවිඩ් ආසාදිත වී ඇතැයි බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී , රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඌව පලාත් සම්බන්දීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි.

බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් නවදෙනාගෙන් වෛද්‍යවරු හයදෙනකුට පෙරේදා (8) වනවිට කෝවිඩ් ආසාදිත වී ඇති බවත් ,හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙනකුට , කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ එක් අයකුටද කෝවිඩ් ආසාදිත වී ඇතැයි හෙතෙම කීය .