
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල නගරයේ ඉන්ධන පිරවුම් හළ අසළ පිහිටි ඓතිහාසික විශාල වැල්බෝධිය අද (10) දිනයේ මුළුමනින්ම ගැලවී කඩා වැටී එක් පුද්ගලයකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.
වැල්බෝධිය කඩා වැටීමෙන් යතුරුපැදියක්, මෝටර් රථ දෙකකට, ලොරියකට,ත්‍රීරෝද රථයකට දැඩි ලෙස අලාභ හානි වී තිබේ.
මේ හේතුවෙන් මාර්ගයේ රථවාහන ධාවනය ඇණ හිට තිබූ අතර නගරයේ විදුලි රැහැන් පද්ධතිය කඩා වැටීමෙන් විදුලිබලය ද ඇණ හිට තිබිණි.



(ඡායාරූප - දිමුතු සඳරුවන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට මහා අපල කාලයක් උදාවෙන්න යන්නේ. මේවා පෙර නිමිති...
මීට ඉස්සෙල්ලා ඔය වගේ දේවල් අහන්න ලැබුනේ නැහැනේ... නායකයින් අධර්මිෂ්ඨ වෙනකොට වෙන දේවල්...!!!
ඉතින් මේවායේ වාසය කරනවා කියන රුක් දෙවියන්ටවත් මේ ව්‍යවසනය වළක්වා ගන්නට බැරි වුණාද?
මෙවැනි අනාරක්ෂිත ගසක් ඉවත් නොකර මෙපමණ කලක් එහි පවත්වා ගැනීම ගැන පරීක්ෂණයක් කළ යුතුයි.