IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


බදුල්ලේ 82ක් මරුට

(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ ආපදාවන්වලින් මියගිය ගණන 82 දක්වා අද (01) ඉහළ ගිය බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.

පසුගිය දිනවල වර්ශාවත් සමඟ සිදුවු  නායයාම්, පස්කදු  ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන්  නිවාස හානියට පත්වීමෙන් දිස්ත්‍රික්කයේ පවුල් 10600ක සාමාජිකයන් 38439ක්  විපතට පත්ව සිටින බවත් ඉන් දිස්ත්‍රික්කයේ දැනට පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන 180ක පවුල් 6685ක පුද්ගලයන් 23777ක්  තාවකාලිකව රඳවා තබා ඇති බවද හෙතෙම කීය.

ඉතිරි පිරිස තමන්ගේ නෑදෑ හිතවතුන්ගේ නිවෙස්වල සහ තමන්ගේ නිවෙස්වල නතරව සිටින බවත් මොවුන්ට අවශ්‍ය ද පිසූ අහාර වියලි ආහාර ද්‍රව්‍ය මෙන්ම අනෙකුත් අවශ්‍ය  පහසුකම් සලසා දෙන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

විශේෂයෙන් දිස්ත්‍රික්කයේ මාර්ග අපහසුතාව නිසාවෙන් ඇතැම් ප්‍රදේශවලට සහන සේවා සැපයීම අපහසු වී ඇති බවත් කෙසේ හෝ එම ජනතාවට ද අවශ්‍ය සහන සේවා කටයුතු කඩිනමින් ලබාදීමට කටයුතු  සිදු කරන බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

බදුල්ලේ 82ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 291 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 321 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1249 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site