(සමන් පාලිත නානායක්කාර)

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 14 මෙම තත්වය  බලපෑ ඇති බවද ඔවුන් සියලු දෙනාට පහසුකම් සැපයීමට අවශ්‍ය කඳවුරුවලට යොමු කර තිබෙන බවද පිරිසක් තම ඥාති නිවෙස්වලට ගොස් ඇති බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවසීය.

රජයේ නිර්දේශිත පිසූ අහාර සියලු දෙනාට ලබා දීමට පියවර ගෙන ඇති බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවසීය.

මෙම ආපදා තත්වය හමුවේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ පමණක් මියගිය සංඛ්‍යාව පනස් දෙනකු බවත් හතළිස් දෙනකු අතුරුදන් වී ඇති බවත් විශාල පිරිසක් තුවාල වී සිටින බවත් පූර්ණ නිවාස හානි 119ක් සහ අර්ධ නිවාස හානි 611ක් සිදුව ඇති බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ය සඳහන් කළේය.