
(නිමන්ති රණසිංහ)
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන ජූඩ් කුමාර් ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ ඔහුගේ බිරිඳගේ විදෙස් ගමන් තහනම ලබන මැයි මස 24 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඔවුන් දෙදෙනාට විදෙස් ගතවීමට අද (09) අවසර ලබාදුන්නාය.
කටාර් රාජ්‍යයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගී වීම සදහා තම සේවාදායකින් දෙදෙනා සූදානම්ව සිටින බැවින් ඒ සදහා ඔවුන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙසට සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනිල් සිල්වා මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම අවසරය ලබා දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අර මැරිච්ච ළමයා .එතකොට මේ නඩුව පාටලී චම්පික ගේ නඩුවට වඩා සුළු පරිමානයේ එකක්ද ?අහනවා පේන්නෙත් නැහැ .පාටලී ට වගේ ප්‍රසිද්ධියක් දෙන්නෙත් නැහැ .මාර වෙනසක්
අර මැරිච්ච ළමයා ගෙනල්ලා හිරේ දාලා දඬුවම් දෙන්න.
සූකරයන්ට මොන දඬුවම්ද?
සත්‍යය කවදා හෝ එළිවෙයි... බයියෝ පව්... ජාතිවාදීන්ට හොඳ පාඩමක්...
කටාර් වලින් සිරියාවට ගිහින් ඇෆ්ඝනිස්ථානය හරහා ආපහු එන්න තණකොළ කපන කඩු ටිකකුත් අරගෙන...!
අම්මො සතුටේ සැනසුමේ බැරුවා. පෝලිමේ ගිය ආණ්ඩුව මේ ආණ්ඩුවේ උදවියට දැම්ම නඩු සියල්ලෙන්ම මේ ඇත්තන් නිදහස් වෙනකොට මේ ආණ්ඩුවේ ඇත්තන් ඒ ඇත්තන්ට දැමූ නඩුවලින් ඒ ඇත්තොත් නිදහස්. බලාගෙන ගියාම අපි අපිටම බෝම්බ ගහගෙන. අර දැරිවි එයාම ගිනිතියාගෙන. මහබැංකුව අපිම කඩලා ඔවුන්ට බෙදලා දීලා. මේ දේශපාලන හැතිකරේ අපට මොනවද නොකලේ...? සුදුළූණු, සීනි, මල්වානෙ රඹුටන් හික්, පැනමා, ගල්අඟුරු, හෙජින්, හොර බෙහෙත් ටෙන්ඩර්, අම්මෝ ලියනවා නම් ඉතිං... කොහොමෙන් කොහොම හරි අවුරුදු 50ක කාලපරිච්ඡේදයක් තුළ දේපාලුවො මේ රටට කළ විනාශය හා මහජනයාට ලැබිය යුතු වරප්‍රසාද ඔවුන්ගේ හත්මුතු පරම්පරාව අතර බෙදාගෙන අසරණ ජනතාවට අද විඳින්න සලසපු දුක් ගැහැට වලට ඒ දේශපාලන පරම්පරාව බිහිකළ අති උතුම් මෑණිවරුන්ටත් පියවරුන්ටත් සදාසොත්ති බවන්‍තුතේ...
කෙනෙකුට අපරාධයක් කරලා නීතියෙන් බේරෙන්න පුළුවන් වේවි.ඒ උනාටඒක කවදා අහරි පදිසන් දෙනවා .ස්වභාව දර්මයා ගේ දඬුවම් ඉතාම ඉක්මනට දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා