(රංජන් කස්තුරි)
ආන්දෝලනාත්මක බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට පියවර රැසක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව මුදල් නීති පනතට සහ සුරැකුම් අාඥා පනතට මේ වන විට සංශෝධන සකස්කරමින් තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
භාණ්ඩාගාර බැදුම්කර සඳහා නව වෙන්දේසි ක්‍රමයක් හඳුන්වා දී තිබෙන අතර භාණ්ඩාගාර බිල්පත් සඳහා ද ඊට සමාන ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරමින් තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකු සඳහන් කරයි.
මීට අමතරව බැදුම්කර වෙන්දේසි දින දර්ශනය කල්තබා ප්‍රසිද්ධ කිරීමත් සම්පූර්ණ පිරිනමන මුදල ඉක්මවා ලංසු භාර නොගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමක් සිදුකර ඇතැයිද එම බැංකුව සඳහන් කරයි.
තවද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමේ පියවරක් ලෙස සේවක අර්ථ සාධක අරමුදලේ කළමනාකරණ කාර්යය හා සම්බන්ධ අභ්‍යන්තර පාලන ක්‍රමවේද වැඩි දියුණු කර අවධානම් අවමකිරීම සහ විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවී තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අංශ වඩාත් ශක්තිමත් කිරීමට සහ සම්පත් වැඩිකිරීමට පියවර ගෙන ඇති අතර තවත් ආරක්ෂක පියවර රැසක් ගෙන තිබෙන බවද මහ බැංකුව සඳහන් කරයි.
මීට අමතරව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයුතු ලෙස ලබාගත් ලාභ නැවත අයකර ගැනීම සඳහා සිවිල් නඩු පවරා තිබෙන අතර මහ බැංකුවේ පැමිණිල්ලක් මත් නීති අංශ නීතිමය ක්‍රියාදාමයක් ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔක්කොම හරිද ? මේකට සම්බන්ධ මහා බැංකුවෙයි අනිත් රාජය බැංකුවලයි ඉන්න නිළධාරින්ට නඩු පවරන්නේ නැතෙයි !
ඉක්මනින්ම දඬුවම් දෙන්න.
බැඳුම්කර සිද්ධියට අනිවාර්යයෙන්ම නිසි පියවර ගත යුතුයි.ඒත් එයට විතරද කොමිසම් අවශ්‍ය නිල්පාට හා සම්බන්ධ කප්පරක් වැරදි, වංචා හා දුෂණ වලට කොමිසම් තියා වචනයක් හෝ විරුද්ධව කියන්නේ නැහැ. හොරකම නම් කව්රු කරත් හොරකම... ඒත් මේ රටේ කොමිසම් දාන්නේ, වැරදි හොයන්නේ තමන් අකමැති අයට විතරයි.
මෑත දී සියලුම බැඳුම් කර වලදී සිදුවී ඇති අකටයුතු කම් වාර්තා ගත විය යුතුය . විවිධ පුද්ගලයින් ගණන් හිලවු අවශ්‍ය පරිදි අඩු වැඩි කර කීම ද අකටයුත්තකි.
වැඩේ ගොඩින් ෂේප් නේද.?