(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බුද්ධි අංශ නිලධාරීන් යැයි කියමින් මීගහතැන්න ගොරකා දූව පහේ කනුව ප්‍රදේශයේ දී වාහන පරීක්ෂාවේ යෙදී සිටි යුද හමුදා සෙබලෙකු හා තවත් පුද්ගලයෙකු අද (18) අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය පැවසීය.
සැකකාර හමුදා සෙබළා සන්තකේ හමුදාවෙන් නිකුත් කළ හැඳුනුම්පත් තුනක් , රුපියල් 20,000 මුදලක් ඇතුළු තවත් ලිපි ලේඛන රැසක් සොයා ගත් බව පොලිසිය කියයි.
ගොරකාදූව මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මීගහතැන්න පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන් සමඟ සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගු ගත් යුද හමුදා සෙබලා කොම්පඤ්ඤ විදිය හමුදා කඳවුරේ රියදුරෙක් බවත් එහි සේවය කරන බිගේඩියර් වරයකුට අයත් නෙළුව ප්‍රදේශයේ වත්තක සේවය කරන බවත් අනෙක් සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත් පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
“අත් අඩංගුවට ගත් යුද හමුදා සෙබලා කොම්පඤ්ඤ විදිය හමුදා කඳවුරේ රියදුරෙක් බවත් එහි සේවය කරන බිගේඩියර්වරයකුට අයත් නෙළුව ප්‍රදේශයේ වත්තක සේවය කරන බවත් ” මෙක ගොඩක් දේවල් කියනවා.
ආ ඔය රණවිරුවෙක්...!!! රුපියල් 20000 අනිවාර්යයෙන්ම කාගෙන් හරි කොල්ලකාලා. එතනම වෙඩිතියන්නයි ඕනා. සමාජයට මුන් අවශ්‍ය නැහැ.
බ්‍රිගේඩියර්වරයෙකුට අයත් වත්තක? කොරෝනා මඩිනවද? එල්.ටී.ටී.ඊ. කාරයෝ හොයනවද?
හමුදා ලොක්කන් තමන්ගේ පුද්ගලික වතුපිටි, නිවාස, කඩසාප්පු ආදිය බලකියා ගන්නට තමන් යටතේ සිටින හමුදා සොල්දාදුවන් යොදාගැනීම රහසක් නොවේ. ජනපතිතුමනි...! මොවුන් ගැන සොයා බලනු මැනවි... !
මොකුත් කියන්න එපා වහල්ලුන්ට රිදෙයි.
අපෙ රටේ සමහරු පොලිසියට පැමිනිලි කරන්න යන්නේ “මං අරයව අදුනනවා“, එයාගෙන් දැන් කොල් එකක් එයි. කියලා , කියාගෙන. පහල මට්ටමේ නිලධාරිනුත් අසරන වෙනවා. පැමිනිලි සාධාරණව විභාගවෙන්නේ නැහැ. කිසිම වරදක් නොකරන මිනිසුන්ට බලවත් අසාධාරණ වෙලා තියෙනවා.
සිරි ඔබ ජනාධිපති තුමාට කියනවා මේ ගැන හොයන්න කියලා.. පොර හමුදාවේ ඉන්නකොටත් ඕවා කළා. හොරෙක් හොරු අල්ලන්නෙත් නැහැ..