IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


’’බදාදා සුනාමි පෙරහුරුවක්’’

(අංජුල මහික වීරරත්න)

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට  සමගාමීව ඉන්දියා සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයක් බදාදා (5) ස්ථාන පහකදී පැවැත්වීමට නියමිතව ඇති හෙයින් එදින සුනාමි ගැන අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

යුනෙස්කෝ නිල මාර්ගෝපදේශ යටතේ පවත්වනු ලබන මෙම පෙරහුරුව විශේෂ අභ්‍යාසයක් පමණක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

අභ්‍යාස කාලයේ සැබෑ සුනාමි තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රායෝගික පුහුණු වැඩසටහන වහාම නතර කරන බවත් එවැනි තත්ත්වයක් යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  ස්ථාපිත ජාතික ප්‍රොටකෝල සහ ක්‍රියා පරිපාටි වලට අනුකූලව නිල ජාතික සුනාමි අනතුරු ඇඟවිමේ ප්‍රතිචාර යන්ත්‍රයන් වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර ජනතාව ක්ෂණිකව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීමට කටයුතු කරන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ප්‍රායෝගික පෙරහුරු වැඩසටහන සඳහා මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර වෙරළ බඩ දිස්ත්‍රික්ක වල තෝරාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ පහක් ඇතුළත් වේ. ප්‍රධාන ජාතික පෙරහුරු අභ්‍යාසය කළුතර දිස්ත්‍රික්කයේ  පෙරවරු  8:30 ට ආරම්භ වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, පළාත් පාලන ආයතන, පාසල්, හෝටල් ඇතුළු පාර්ශවකාර ආයතන පෙරහුරු අභ්‍යාසය සඳහා සහභාගී වේ.



අදහස් (0)

’’බදාදා සුනාමි පෙරහුරුවක්’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site