(යොහාන් භාසුර)
ආනයනික අර්තාපල් මත පනවා ඇති බද්ද රුපියල් 50 දක්වා ඉහළ දැමීමට පියවර ගැනීමත් සමඟ අර්තාපල් කිලෝවක මිල රුපියල් 30 කින් පමණ ඉහළ යාහැකි බව අර්තාපල් ආනයනකරුවෝ පවසති.
ආනයනික අර්තාපල් බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ දැමීමට පෙර ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 60 ත් 65 ත් අතර ද, දේශීය ආර්තාපල් කිලෝවක් රුපියල් 110 ත් 115 ත් අතර පැවැති බවත් කොළඹ කොටුව තොග වෙළෙඳ පොලේ අද පෙරවරුවේ ආනයනික ආර්තාපල් කිලෝවක් රුපියල් 85 කට ද, දේශීය අර්තාපල් කිලෝ එකක් රුපියල් 130 කට ද, අළෙවි වූ බවත් ආනයනකරුවෝ පවසති.
ආනයනික අර්තාපල් කිලොවක් මත පනවා තිබූ බද්ධ පසුගිය පෙබරවාරි මස 12 වැනිදා රුපියල් 55 සිට රුපියල් 15 ක් දක්වා අඩු කළ අතර මෙම නව බදු වැඩි කිරීමත් සමඟ අර්තාවල් කිලෝවක් සඳහා රුපියල් 35 ක් බද්ධ ඉහළ දමා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනයනික අර්තාපල් නඩුගාස්තු, ප්‍රවාහන ගාස්තු සහ නොයෙකුත් බදු ගහලා රුපියල් 85ට දෙනකොට දේශීය අර්තාපල් 130 වෙන්නේ කොහොමද?
දැන් සැපද? ළඟදී බත් කෑවාද?
නියමයි!! රුපියල් පනහකින්ම වැඩි කළ යුතුයි. දේශප්‍රේමෙන් කුල්මත් වෙලා ඉන්න අපට මොකටද පිටරටින් එන අර්තාපල් අල? ලංකාවේ ඕනෑතරම් තියෙන්නේ නියඟලා අල.. දේශප්‍රේමේ වෙනුවෙන් බඩ පැලෙන්න ලංකාවේ ඕනෑ අලයක් කාගෙන මැරෙන්න වුණත් අපි සුදානම්..
ආනයනික භාණ්ඩවල බදු ඉහළ දමන්නේ දේශීය නිෂ්පාදන සඳහා අවස්ථාවක් ලබාදීමටයි. දේශීය නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කිරීමටයි. ආනයනික අර්තාපල්වලට බදුගසන විට දේශීය අර්තාපල් මිල ඉහළ දමන්නේ ඇයි? ආනයනික අර්තාපල් මිල ඉහළ යනවිට දේශීය අර්තාපල් මිලත්, ඉහළ යන්නේ නම් ජනතාව දේශීය අර්තාපල් මිලදී ගැනීමට පෙළඹෙන්නේ නැත. දරිද්‍රතාවයෙන් පෙළෙන බහුතරයක් දෙනාට වැදගත් වන්නේ ආනයනිකද, නැත්නම් දේශීයද කියන කාරණාව නොව කුමක් හෝ අඩු මිලකට ලබා ගැනීමය.
දැන් සැපද? ළඟදී අල කෑවාද?
ඔය බදු මුදල් වලින් මොනවද කරන්නේ....?