(එස්.එස්. ගුණරත්න)

රන්වලින් නිමවා ඇතැයි පවසමින් රුපියල් කෝටි පහකට   අළෙවිකිරීම සදහා සූදානම් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රන්වලින් නිමවා ඇතැයි කියූ එම බුද්ධ ප්‍රතිමාවේ  නේත්‍රා යුගලය  වටිනා මැණික් වර්ගයකින් නිමවා  ඇති බව ද සැකකරුවන් ගැනුම්කරුට පවසා ඇත.

උසින් අඟල්12ක් පමණ වන අතර බරින් කිලෝ ග්‍රෑම් 14.6ක් පමණවේ.අත්අඩංගුවට ගත් දෙදෙනා  දෙහිඅත්තකණ්ඩිය  ලිහිණියාගම පදිංචි 27 - 34 වියෙහි පසුවන්නන් බව ද පොලිසිය කියයි. 

පොලීසිය නිවස වටලන අවස්ථාවේ තවත් තිදෙනෙකු පැනගොස් ඇති බව පොලිසිය පවසයි.. ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින බවද පොලීසිය පවසයි.