(නිමල කොඩිතුවක්කු)
බුද්ධ ධර්මය සහ බුද්ධ චරිතය විකෘති කරමින් නිෂ්පාදනය කරන නාට්‍ය, ගීත, කවි, චිත‍්‍රපට ආදී නිර්මාණ සම්බන්ධයෙන් පියවර ගැනීමට මහ නායක හිමිවරුන්ගේ නිර්දේශය මත බුද්ධි මණ්ඩලයක් පත් කරන බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා කොළඹදී පැවැසිය.
මේ සම්බන්ධයෙන් වන විශේෂ පනතක් ඉදිරියේදි සම්මත කර ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.
එවැනි නිර්මාණකරුවන්ගේ නිර්මාණ තහනම් කිරීමටත් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනිමත් මෙම කමිටුව මගින් සිදුකිරීමට නියමිත බවද ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පැවැසීය.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොනවා කෙරුවත් පලක් නැහැ... පන්සල්වල සිද්ද වෙන " දූෂණය තහනම් කරන තුරු.. සත්‍ය බෞද්ධ සමාජයක් බිහිකිරීමේ අරමුණ විහාරස්ථානවලින් දියත් කළ යුතුයි...
හොද ක්‍රියාවක්. ධර්මය විකුර්ති කරන අයවත් හොයල නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. බෞද්දයන්ගේ ඉවසීම නිසා දැන් බුදු දහමට අපහස වෙන දෙවල් කොපමණ කියනවද?
බුදු දහම විකෘති කරන සාහිත්‍ය පොත්පත් පවා විමර්ශනය කිරීමට විද්වත් මණ්ඩලයක් පත්කර එවැනි පොත්පත් සාප්පු වලින් ඉවත් කල යුතුයි . භාවිතයෙන් ඉවත් කල යුතුයි .