
(අයි ආර් ඉන්දික)
බුත්තල නගරය ආශ්‍රිතව හා ගම්මාන කිහිපයකින් කෝවිඩි ආසාදිතයන් වාර්තාවීමත් සමග නගරයේ සියලු කඩ සාප්පු එක් දිනක් වසා දමා තත්වය පාලනය කිරිමට වෙළඳ ප්‍රජාව තිරණය කළ බව බුත්තල වෙළධඳ සංගමයේ සභාපති සුසන්ත ගුණවීර මහතා පවසයි.
සති දෙකක තුළ නව ආසාදිතයින් තිස් දෙදෙනකු බුත්තල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල බළ ප්‍රදේශයෙන් වාර්තාවිය.
මේ සම්බන්ධයෙන් බුත්තල ප්‍රා දේශිය සභා සභාපති නන්දසිරි නිකවත්ත මහතා වෙළඳ ප්‍රජාවගෙන් කළ ඉල්ලිමකට අනුව අවධානම් තත්ත්වය පහව යනතුරු දින දෙක තුනක් හෝ වසා දැමිමට ඇතැම් වෙළඳ පිරිස් කැමැත්ත දක්වා තිබුනද පොදුවේ එක් දිනක් වසා දමා සහය පළකරන බවත් ඉදිරියේදි සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කිරිමට බලාපොරොත්තුව වන බවත් කියා සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd