IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බිත්තර වැඩිමිලට ගන්නත් නෑ

(ශෂිකා අබේරත්න සහ මනිෂා වීරසිංහ)

වෙළෙඳපොළේ බිත්තර හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති.

බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කරනු ලැබූ ගැසට් පත්‍රයට අනුව, සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් ද, රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක් ද නියම කර ඇතත් වෙළෙඳ පොළේ බිත්තරයක් රුපියල් 50ත් 55ත් අතර මිලකට අලෙවි වන බව ද ඔවුහු කියති.

එහෙත් වැඩි මිල ගණන්වලට වුවද වෙළෙඳපොළේ බිත්තර නොමැති බව පාරිභෝගිකයෝ ප්‍රකාශ කරති.

මේ අතර, බිත්තර සඳහා නියම කරන ලද පාලන මිලට බිත්තර වෙඳාමෙන් තොග සහ සිල්ලර වෙළෙඳුන්ට ලාභ ලැබිය නොහැකි බැවින් හා ඔවුන් ගොවිපොළවලින් බිත්තර මිලදී නොගන්නා බැවින් බිත්තර හිඟයක් නිර්මාණය වී ඇති බව සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවැසීය.

බිත්තර හිඟයට විසඳුම ලෙස බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගනිමින් සිටින අතර, ඒ හරහා දේශීය නිෂ්පාදකයන් අධෛර්යමත් වීම හා දේශීය අලෙවි ජාලය කඩා වැටෙන බවද ගුණසේකර මහතා පැවසීය.

මේ අතර, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ බිත්තර ගැටලුවට විසඳුමක් කඩිනමින් ලබා නොදෙන්නේ නම්, ඉදිරි දින කිහිපය තුළ සියලුම හෝටල් වැසී යන බවය. මේ හේතුවෙන් කොත්තු, බිත්තර රොටී ආදී බේකරි නිෂ්පාදන කඩා වැටෙනු ඇති බවත් ඔවුහු කියා සිටිති.



අදහස් (1)

බිත්තර වැඩිමිලට ගන්නත් නෑ

Lalla Tuesday, 21 February 2023 08:38 AM

වෙළඳ ඇමති සහ ලන්සාගේ අවශ්‍යතාවයට කරන බිත්තර ආනයනය?. රටේ නිෂ්පාදනය කඩාකප්පල් කිරීමට ඉන්දීය නිෂ්පාදන රටට ගෙන්වන හේතුව? ජරාව කොමිස්..... නැවත 1968 තිබුන තැනට ආපසු ගමන... මේ මොන අපරාධයක්ද???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site