(යොහාන් භාසුර)

දෙසැම්බර් මස මැද භාගයේදී රුපියල් 30 ඉක්මවා ගිය බිත්තරයක මිල මේ වන විට තරමක් පහත වැටී ඇති බව වෙළෙන්දෝ පවසති.

බිත්තරයක සිල්ලර මිල මේ වන විට රුපියල් 22 ත් 24 ත් දක්වා මිලක පවතින බවත් තොග මිල රුපියල් 20 ත් 22 ත් අතර මිලක් දක්වා පහත වැටී ඇති බවත් බිත්තර නිෂ්පාදකයෝ කියති.

සත්ව ආහාර සහ ආනයනික පැටව් හිඟය හේතුවෙන් නොවැම්බර් මස සිට බිත්තර නිෂ්පාදනය අඩු වීමෙන් බිත්තර මිල ඉහළ ගිය බවත් නත්තල් සමයේ බිත්තරවලට ඇති වූ ඉහළ ඉල්ලුමත් සමඟ බිත්තරයක මිල රුපියල් 30 ඉක්මවා ගිය බවත් බිත්තර නිෂ්පාදකයෝ පවසති.

නත්තල් සමයේ සුපිරි වෙළෙඳසල්වල බිත්තරයක මිල රුපියල් 35 ඉක්මවා තිබුණි.