
(නිමල කොඩිතුවක්කු)
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉලක්ක කරමින් එල්ල කළ බිත්තර ප්‍රහාරය රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබලවේගය හෙලා දකින බව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය සහ සමගි ජනබලවේගයේ උප සභාපති ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.
කුණු බිත්තර වලින් දමා ගැහුවත් වෙඩි උණ්ඩ, බෝම්බ ප්‍රහාර එල්ල කළත් කලින් කලට එල්ල වන මෙවැනි ප්‍රචන්ඩ ක්‍රියා කිසිලෙසකින්වත් අනුමත නොකරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
යල් පැනගිය දේ කරමින් නූතනයේ දේශපාලනය කළ නොහැකි බව මෙවැනි පහත් ක්‍රියා සිදුකළ අය තේරුම් ගත යුතුව ඇතැයිද කරුණාතිලක මහතා කීවේය.
දේශපාලනයේ නිරත විම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සියලු දෙනාට තිබිය යුතු බැවින් එම අයිතිය ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීම යැයිද හෙතෙම පැවසීය.
මේ පිළිබඳ ස්වාධීන විමර්ශණයක් කර වැරදි කරුවන්ට තරාතිරම නොබලා දඩුවම් පැමිණවීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd