IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


බිත්තර ප්‍රහාරය ගැන ජා.ජ.බයෙන් අයි.ජී.පී ට පැමිණිල්ලක්

(ඉන්දිකා  රාමනායක සහ  මුදිතා දයානන්ද)

ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් සමුළුවට කලගෙඩිහේනේ දී  ඉකුත් (30) දින  එල්ල වු මැර ප්‍රහාරය සම්බන්ධයෙන් එම  බලවේගය  අද   (2)  පස්වරුවේ  පොලිස් මුලස්ථානයේ දී පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක්  ඉදිරිපත් කළේය.

එහි විධායක සභික   මහින්ද ජයසිංහ ජනබල වේගයේ   නීතිඥයෝ සංවිධානයේ  විධායක  සභික සුනිල් වටගල  යන මහත්වරුන් ප්‍රමුඛ  කණ්ඩායමක් විසින් මෙම පැමිණිල්ල  ඉදිරිපත් කර ඇත.

සංවිධානාත්මක මැර කල්ලියක් විසින් එකී සාමකාමී සමුළුවට මැර ප්‍රහාරයක් එල්ල කරමින්  එම රැස්වීම කඩාකප්පල් කිරීමට  කළ බවත්, එහි රැස්ව සිටි  සාමාජිකයන් මැර පිරිසෙන් දෙදෙනකු අල්ලා  ගැනීමට සමත් වු බවත්  එම පැමිණිල්ලේ සඳහන් වේ.

මොවුන් විසින්  අනාවරණය කළ   තොරතුරු  මත හා  හෙළිදරව් වලින්  පෙනී යන මූලික කාරණයක් අනුව මෙම මැර ක්‍රියාව  හුදෙක්  අල්ලාගත්  පුද්ගලයන් දෙදෙනාගේ ඕනෑ එපාකම් වලට සිදු නොවු  බවත්, එය  ඉතාමත් සංවිධානාත්මකව කල්ලි, කණ්ඩායමක   සැලැස්මක් මත හුදෙක්  පෞද්ගලික දේශපාලනික උවමානවන් මුදුන් පමුණාවා ගැනීමේ චේතනාවෙන් ඉටුකරන ලද්දක්  බවද   සඳහන් වේ.

 අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගේ හෙළිදරව් කිරීම් වලින් ප්‍රසිද්ධ ආරක්ෂක ආයතනයක හා කැබිනට් අමාත්‍යයවරයකුගේ අනුදැනුම මත හා අභිලාශය මත මෙම මැර ප්‍රහාර  එල්ල කර ඇති බවද   පොලිස්පතිවරයා  වෙත  කළ පැමිණිල්ලේ සඳහන් වේ.

 



අදහස් (2)

බිත්තර ප්‍රහාරය ගැන ජා.ජ.බයෙන් අයි.ජී.පී ට පැමිණිල්ලක්

මහසෙන් Wednesday, 02 February 2022 04:59 PM

"බිත්තර ප්‍ර්‍රහාරය" නාට්‍ය මේ සතිය පුරා විකාශනය වන බව කාරුණික ව සලකන්න..

:       7       16

Kumar Gunaratnam Wednesday, 02 February 2022 09:05 PM

කුණු බිත්තරවලින් නෙමෙයි, ගහන්න තිබුණේ අසූචිවලින්. උස නැති නිසා යන්තම් බේරුණා. පුංචි අම්මා සනීපෙන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 895 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site